IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හොරුන්ගේ හොරු පොල් හොරකමේ

පොල් හොරකමේ ගොස් එකතු කරගත් පොල් ගෝනිය තවත් අයෙකු හොරෙන් ගෙන යාමට ගොස් සිදුවූ ජංජාලයක් ශනිදා සාදයට වාර්තාවේ.


ගමේ නමගිය පොල් හොරෙකු හොරෙන් කඩාගත් පොල් ගෝනියද කර තබාගෙන වෙළෙඳ පොළට යාමට පිටත්විය. මෙසේ යන අතර තවත් පොල් වත්තක විශාල පොල් වල්ලක් තිබෙනු දුටු හොරා වටපිට බලද්දී එම නිවසේද කිසිවකු නොමැති බව දක්නට ලැබී ඇත. පොල් හොරා පොල් ගෝනිය පාර අයිනේ තබා ගසට නැග යළිත් වට පිට බලද්දී එම පාරෙන් කාන්තාවක් එන බව දැක පොල්ගස මුදුණේ පොල් අත්තකට මුවාවී ඇත.


පොල් ගස යට පාරෙන් ගිය කාන්තාව පාර අයිනේ තිබූ පොල් ගෝනිය දැක නතරවී වට පිට බලන්නට වූවාය. කිසිවකු පෙනෙන්නට නොසිටි නිසා ඇය තමා ළඟ තිබුණ පුංචි කවරය දිග හැර ගෝනියේ පොල් තම කවරයට දමා ගන්නට සූදානම් වූවාය.


ගස මුදුනේ සිටි පොල් හොරා මෙම සිදුවීම දැක මේ මේ නැද්දේ ඔය පොල් ගෝනිය මගේ. අද උදේ ඉඳලා මම එකතු කළ පොල් ඔය ගෝනියේ තියෙන්නේ යනුවෙන් පවසද්දී නැන්දා තමන් ගෙන ආ පෝර කවරයද එතනම දමා දුව ගියාය.


දැන් බැලුවාම පොල් හොරාගේ පොල් හොරකම් කරන හොරපොල් නැන්දලාත් මේ ගමේ ඉන්නවානේ. මම දැන් ඒ හොර නැන්දලාගෙනුත් බේරෙන්න ඕනිනෙ. කියමින් නැගගත් ගහේද පොල් ටික කඩා එකතු කරගෙන නැන්දා දමා ගිය කවරයට පොල් පුරවාගෙන ගමේ කඬේට ගෙන ගියේය.
(ඇහැලියගොඩ රාමචන්ද්‍ර ගුණසේකර)

 



අදහස් (0)

හොරුන්ගේ හොරු පොල් හොරකමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 248 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site