IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හොරාට පොල් කඩාගන්න ආරක්ෂක නිලධාරියා ටෝච් එක අල්ලා පොලුත් එකත කර දීලා

තමා සේවය කරන ආයතනයට රෑ මැදියමේ හොර රහසේම ඇතුළු වී එහි සරුවට වැවී තිබූ පොල් ගසක ගෙඩි කඩන්නට ගසට ගොඩ වූ තරුණයකුට තම විදුලි පන්දම දල්වා පොල් කඩන්නට උදව් කර පොල් ටික අහුලා මල්ලටකද දමා දුන් ආරක්ෂක සේවයකු පිළිබඳ පුවතක් වාර්තා විය.


අදාල ආයතනයේ සේවක මහතකුගෙන් අසා දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.


එය රාත්‍රි සේවා මුරයක් ද ක්‍රියාත්මක වන ඌව පළාතේ රාජ්‍ය ආයතනයකි. එහි කටයුතු පහසුවීම සඳහා මෙන්ම ආරක්ෂාව සඳහා එක්තරා ආරක්ෂක සමාගමක් මගින් ආරක්ෂක නිලධාරියකුගේ සේවය ද ලබා දී තිබිණි.


කෙසේ වෙතත් අදාල ආයතනයේ ගොඩනැගිල්ලක් පසු පස වැඩී තිබූ පොල් ගසක සරුවට හටගෙන තිබූ පොල් වල්ලකට ඇස ගසාගෙන සිටි ගමේ තරුණයකු පසුගිය දිනෙක මැදියම් රැයේ අදාල ආයතනයට ඇතුළු වූයේ හොර රහසේම පොල් වල්ල කඩාගෙන යාමේ අටියෙනි.


මුලින්ම ආරක්ෂක නිලධාරියා සමඟ කුලුපඟ වූ හෙතෙම ඔහුට රුපියල් සීයයක්ද මිට මොලවා තමන් පැමිණි කාරණාවද විස්තර කළේ ආරක්ෂක නිලධාරියාගේ පූර්ණ රැකවරණයද අවශ්‍ය බව පවසමිනි.


පොල් වල්ල බෑමේ අදහසට ආරක්ෂක නිලධාරියාගෙන් ද විරෝධයක් එල්ල නොවිණි.


ඒ වෙනුවට තරුණයා පසුපසින් ගිය ආරක්ෂකයා තරුණයාට පොල් ගඩි ටික හොයා ගන්නට තම විදුලි පන්දම අල්ලා උපකාර කරන්නට ද කාරුණික වූයේ තම රාජකාරිය පවා අමතක කරමිනි. විදුලි පන්දම ඇල්ලීමෙන් සෑහීමකට පත් නොවූ හෙතෙම බිමට වැටුණු පොල් ගෙඩි ටික ද තරුණයාට එකතු කර දුන්නේය.


කෙසේ වෙතත් පසුදින වෙද්දී එය ආයතනයට රහසක් නොවූ අතර අදාල ආරක්ෂක නිලධාරියාගෙන් විමසීමේදී ඔහු ඇඟට නොදැනී පවසා ඇත්තේ “මට රුපියල් සීයයකුයි පොල් ගෙඩි දෙකකුයි දුන්නා. පිහි පාරක් කනවාට වඩා ඒක හොඳයි” යනුවෙනි.

(වියලුව වාර්තාකරු)



අදහස් (0)

හොරාට පොල් කඩාගන්න ආරක්ෂක නිලධාරියා ටෝච් එක අල්ලා පොලුත් එකත කර දීලා

නිරංජන් Wednesday, 10 August 2016 09:02 AM

ටෝච් එකකුයි පොලු කෑල්ලකුයි විතරක් අතේ තියාගෙන වෙන මොනවා කරන්නද? (හේ)

:       0       0

ජයරත්න Wednesday, 10 August 2016 09:15 AM

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාලේ ඉන්න තිබුන සෙක්කුවෙක් නැද්ද හා ? (හේ)

:       0       0

පිටිගල Thursday, 11 August 2016 02:23 AM

ඒ ආරක්ෂක නිලධාරියා ජීවිතය ආරක්ෂා කරගෙන තියෙනවා. පිහි පාරක් කාලා මළා නම් අඹුදරුවෝ පවා අනාථයි. මියගියාට පස්සේ මොන නීතිද? (නි)

:       0       0

කුමාර් Wednesday, 10 August 2016 11:24 AM

නීතියක් නැති රටේ මීට වැඩිය මොකක්ද බලාපොරොත්තුවෙන්න පුළුවන්, (හේ)

:       0       0

රුපවතී Saturday, 13 August 2016 10:22 AM

ඔලුව පාවිච්චිකරලා වැඩ කරන මිනිසෙක්...(රේ)

:       0       0

අජිත් Wednesday, 10 August 2016 05:18 AM

ඔවු ඒක ඇත්ත. පිහිපාරක් කනවට වඩා හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site