IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


හොරාට පාටියක් දී ආරක්ෂක නිලධාරියා ගෙදර යවලා

  • හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන 

ආයතනයක් තුළ දීර්ඝ කාලයක සිට සිදුකෙරුණ සොරකමක් අල්ලා දුන් ආරක්ෂක නිලධාරියා ගෙදර යවා සොරාට භෝජන සංග්‍රහයක් පැවැත්වූ සිද්ධියක් දකුණු පළාතේ දුෂ්කර ගම්මානයකින් වාර්තා වේ.

විශාල සේවකයන් සංඛ්‍යාවකට හිමිකම් කියන මෙම ආයතනයේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම සේවය කරති. ජාතික ධනයට විශාල අගයක් එකතු කරන මෙම ආයතනය සේවක සුබසාධන කටයුතුවලට ද උසස් මට්ටමක දායකත්වයක් සපයයි.

ආරක්ෂක නිලධාරීන් හා ආරක්ෂක කැමරා පද්ධතියක් ආයතනය තුළ සවිකර තිබුණත් එයට හසුනොවන අයුරින් සොරකම් කිරීමට තරම් සොරා උපායශීලී වී ඇති බව ද පැවැසේ. 

ආයතනය තුළ සිදුවන සොරකම් පිළිබඳව අවදානය යොමු කළ එක් ආරක්ෂක නිලධාරියෙක් සොරා අල්ලා ගැනීමට දැඩි වෙහෙසක් හා කැපවීමක් සිදුකළේය. සිය වගකීම ඉටු කිරීමට වැය කළ කාලය දින සති හා මාස ගණනාවක් ගෙවී ගියේය. ඔහුගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස සොරා අල්ලා ආයතන බලධාරීන්ට බාරදීමට ද හැකි විය. සොරා අල්ලා දීම පිළිබඳව බොහෝ පිරිසක් ආරක්ෂක නිලධාරියාට ප්‍රශංසා කළහ.

සොරා පිළිබඳව බොහෝ සේවකයන් කතාබහ කළ අතර ආරක්ෂක නිලධාරියා සේවයට නොපැමිණීම පිළිබඳව ඔවුහු විපරම් කළහ.

ආරක්ෂක නිලධාරියාගේ ගමන් මල්ලෙහි බුලත් විටක් තිබී එය ආයතන බලධාරීන්ට අසුවීම නිසා ඔහු සේවයෙන් ඉවත් කර ඇති බව දැනගත් බොහෝ සේවකයෝ පුදුමයට පත්වූහ.

ආරක්ෂක නිලධාරියා අල්ලා දුන් සොරාට පාලන අධිකාරිය භෝජන සංග්‍රහයක් ද පවත්වා ඇති බව දැනගත් සේවකයෝ තුෂ්නිම්භූත වූහ.

භෝජන සංග්‍රහ කතාව ලැව්ගින්නක් සේ ආයතනය තුළ පැතිර ගිය අතර සේවකයන්ගෙන් ලද අප්‍රසාදය හේතුවෙන් බලධාරීහු ආරක්ෂක නිලධාරියා නැවත සේවයට කැඳවීමක් කළහ. ඔහු පැමිණ පාලන අධිකාරියට ලු‍ණු ඇඹුල් සහිත ආමන්ත්‍රණයක් කර පිටව ගිය බව පැවැසේ.



අදහස් (0)

හොරාට පාටියක් දී ආරක්ෂක නිලධාරියා ගෙදර යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17649 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site