IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


හොරාට දොස් කීවාට මුදලාලි හාමිනේට දුක හිතිලා

(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
වෙළෙඳසලකින් මුදල් සොරකම් කළ අයෙකු අත්අඩංගුවට ගෙන වෙළෙඳ සල් හිමියා හා බිරිය පොලිසියට ගෙන්වා ප්‍රශ්න කොට පොලිස් ස්ථානාධිපතිවරයා හොරාට සොරකමේ ආදීනව කියා දී දෝෂාරෝපණය කරද්දී වෙළෙඳසල් හිමිගේ බිරිය හඬා වැටීමේ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.


පසුගිය දිනෙක සවස වෙළෙඳසල වසා නිවෙසට යාමට සූදානම් වී එදින වෙළෙඳාමෙන් ලැබූ රුපියල් හැටපන්දහසක පමණ මුදලක් පාර්සල් කොට කඬේ ඉදිරිපස තබා කඬේ වසා නැවත බැලීමේදී එම පාර්සලය නැතිවී ඇත.


කඩ හිමියා වෙළෙඳසලේ සීසීටීවී දර්ශන පරීක්‍ෂා කිරීමේදී මුදල් පසුම්බිය සොරාගත් කෙනා හඳුනාගත හැකි වී තිබේ. 


මේ පිළිබඳව ප්‍රදේශයේ පොලිසියට දැන් වූ පසු වෙළෙඳසල් හිමියා හා සොරා කැඳවා ප්‍රශ්න කොට ඇත.


එහිදී වෙළෙඳසල් හිමියාගේ බිරියද පොලිසියට පැමිණ ඇත. පොලිස් ස්ථානාධිපතිවරයා සොරකම් කිරීමේ ආදීනව කියා සොරාට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති අතර එසේ කිරීමේදී වෙළෙඳසල් හිමියාගේ බිරිය හඬා වැටී ඇති අතර ඇය කුමන හේතුවකට හඬා වැටුණේදැයි අවට සිටි කා තුළත් කුතුහලයක් මතු වී ඇත.

 



අදහස් (0)

හොරාට දොස් කීවාට මුදලාලි හාමිනේට දුක හිතිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site