IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


හොරාගෙන් පේනයක් අසා බිරියගෙන් කුඩ පාරකුත් කාලා

නැතිවූ මුදල් පසුම්බියක තිබුණු දේවල් අසල සිටි පුද්ගලයකු විසින් කියූ අපූරු පුවතක් බස්නාහිර පළාතේ නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.


මුදල් පසුම්බියේ අයිතිකරු තම බිරිය සමඟ නුගේගොඩ ප්‍රදේශයට පැමිණ ඇත්තේ අවශ්‍යතාවකටය. නුගේගොඩ බස් නැවතුමෙන් බස් රථය නැවැත්වු අතර එයින් බැසගත් ඔහු මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේදී එය නොමැති බව දැක අන්දුන් කුන්දුන් විය.


එවිට ඔහු අසල සිටි තවත් පුද්ගලයකු ඇයි මහත්තයා මොනවද හොයන්නේ යැයි ඔහුගෙන් අසා ඇත. අනේ මගේ මුදල් පසුම්බිය නැති වෙලානේ යැයි ඔහු පවසා ඇත. අනෙක් පුද්ගලයා මැදිවිය ඉක්මවූ අයෙකි. “මහත්තයා කීයක් තිබුණද පර්ස් එකේ” යැයි එම පුද්ගලයා අසා ඇත. 


එවිට මුදල් පසුම්බියේ හිමිකරු රුපියල් විසිදාහක් තිබුණා. මගේ නෝනත් එක්ක මම ආවේ පොඩි වුවමනාවකට යැයි පවසා ඇත. එවිට “අනේ මහත්තයෝ බොරු කියන්න එපා එකේ තිබුණේ රුපියල් එක්දහස් පන්සියයි තව කාඞ් වගයකුයි උපත් පාලන කොපු දෙකයි. තව දම්පාට සාරියක් ඇදගත්ත නෝනා කෙනෙකුගේ පින්තූරයකුයි. හැබැයි ඒ පින්තූරේ ඉන්නේ මේ නෝනානම් නොමෙයි” යැයි ඔහු පවසා ඇත.


තමා දෙස කන්න වගේ බලන බිරිය දෙස හොරහින් බැලුව ඔහු “තමුසේ දන්නේ කොහොමද ඒවා ගැන” යැයි අසා ඇත. එවිට අනෙක් පුද්ගලයා “මමනේ පර්ස් එක හොරකම් කළේ” යැයි පවසනවාත් සමඟම ඔහු පාරෙන් ඉවතට පැන දිවයන්නට විය. ඔහු හඹා යන්නට ඔහුට නොහැකි වුණේ ප්‍රතිවිරුද්ධ දෙසින් සිය බිරියගෙන් එල්ල වූ කුඩ පහර නිසාය.

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)



අදහස් (0)

හොරාගෙන් පේනයක් අසා බිරියගෙන් කුඩ පාරකුත් කාලා

අසෝකා Thursday, 21 July 2016 04:00 PM

මේ මිනිහ ඇත්ත කිව්වද බොරු කිව්වද කියල දන්නෙත් නැතිව හැමෝම තීන්දු තීරණ අරගෙන ප්‍රශ්නේ විසඳලා වගෙයි. අර කතාවකුත් තියෙනවනේ, කියන්න කොහොම කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියල. (අ)

:       0       0

ශශී Thursday, 21 July 2016 06:32 PM

අනුමානයක් නැහැ හොරා කියලා තියෙන්නේ ඇත්තක් වෙන්න ඕනෑ. නැත්නම් මොන එකටද බිරිඳ දිහා හොරෙන් බලන්නේ? කෙළින් බලලා කරුණු පහදලා දෙන්න තිබුනානේ. නැතිබැරිකමට හොරකම් කළාට හොරාටත් හිතෙන්න ඇති මිනිහාගේ නැහැදිච්චකම. (නි)

:       0       0

සරත් පර්ත් Friday, 22 July 2016 12:09 AM

නෝනයි මහත්තයයි පටළවලා තියලා හොරා පැන්නා එහෙනම් (නි)

:       0       0

කේ ක්‍රිස් Thursday, 21 July 2016 10:06 AM

මාර හොරෙක්නේ. සල්ලි නැතිවෙච්ච අය කොහොමත් අතින් දාලා වැඩියෙන් තමයි කියන්නේ. (අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 July 2016 10:20 AM

මේ නම් මහා පල්ම පල් හොරෙක් දඬුකඳේ ගහන්න වටිනවා කරපු කැත වැඩේට ! (බ)

:       0       0

පද්මිණී Friday, 22 July 2016 05:12 AM

සල්ලි හොරකම් කළා මදිවට පවුල් කඩන්නත් හදල. පින්තුරේ නෝනගේ තරුණ කාලේ එකක්ද කියල කවුද දන්නේ? අපේ මහත්තයගෙත් පොකට්ටුවේ මගේ තරුණ කාලේ පොටෝ එකක් තියෙන්නේ. (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 22 July 2016 05:44 PM

පව්ලේ සමගිය ඇතිවේවා කියලා තමයි කියන්න ඉතුරුවෙලා තියෙන්නේ (නි)

:       0       0

අජිත් Thursday, 21 July 2016 12:47 PM

අර කිව්වත් වගේ හොරාට තව ගානක් දුන්නත් පාඩු නැහැ! (අ)

:       0       0

වික්‍රම Friday, 22 July 2016 06:45 AM

ජයා මගේ අනාගත බිරිඳගේ පර්ස් එකට අරන් දිව්වා. මම පස්සෙන් එළවාගෙන ගිහින් ජයාට බොරුවට ගහලා පර්ස් එක අරන් දුන්නා. (නි)

:       0       0

තුෂාරී Thursday, 21 July 2016 06:36 AM

ඔන්න හොරු...ඔහොම තමයි ඉන්න ඕනේ.හොරාට තව කීයක් හරි දෙන්න තිබුනේ මේ මනුස්සයාගේ කෙරුවාව හෙළිකර දුන්නාට.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1670 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1408 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site