IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


හරකා මරන්න දීලා හිස් කබල සිහිවටනයකට ඉල්ලලා

  • කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

කාලයක සිට ඇති දැඩි කරන ලද ගොන් වස්සා මසට අලෙවි කර හිස් කබල සහිත අං දෙක නිවසේ එල්ලා තබා ගැනීමට ආපසු ඉල්ලා ඇතැයි කියන ගොවියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.

ඔහු කෑගල්ල ප්‍රදේශයේ ගොවියෙකි. මෙම ගොවියා කාලයක් අල්ලපු ගමේ හිතවතකුගේ වැස්සියක ගෙනත් රැක බලා ගත්තේය. රැක බලා ගන්නා අවස්ථාවේ දී වැස්සිය පැටවෙකු බිහි කළාය. පැටවා ටිකක් ලොකු මහත් වූ අවස්ථාවේ දී වැස්සිය අයිතිකරුට බාරදී ඇත්තේ ගොවියාට බලා ගැනීමට අපහසු යැයි පවසමිනි.

ටිකෙන් ටික ලොකු මහත් වූ ගොන් වස්සා කුඹුරු වැඩට හුරු කර ගත්තේය. අසල්වැසි කුඹුරු ගොවීන්ට ද කුඹුරු වැඩ කටයුතු කාලේ මහත් සේවාවක් කළ ගොන් වස්සාට ගම්වැසියෝ ද ආදරය කරුණාව දැක් වූහ.

ගොවියාගේ දරුවකුට මීට මාස කිහිපයකට ඉහතදී උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමිව තිබේ. ගොවියාගේ අතේ මිටේ ලොකු මුදලක් නොතිබුණු අවස්ථාවේ දී ආදරයෙන් කරුණාවෙන් ඇති දැඩි කරන ලද ගොන් වස්සා අලෙවි කිරීමට තීරණය කෙරිණ. ගොන් වස්සා අලෙවි කරන බව ගමේ කිහිප දෙනකුට දන්වා සිටියේය. 

මීට සති දෙක තුනකට ඉහතදී හරක් මස් වෙළෙන්දෙක් ගොවියාගේ නිවෙසට පැමිණියේය. ගොන් වස්සා දෙස බැලූ වෙළෙන්දා ගොවියා ඉල්ලා සිටි සාධාරණ ඉල්ලීමට එකඟ වී ගොන් වස්සා මිලට ගත්තේය. වෙළෙන්දා ගොවියාගේ අතට මුදල් දුන්නේය. ගොවියා ඉකි ගසා මුදල අතට ගත්තේය. එතැනට එක්ව සිටි ගමේ ගොවියෝ කිහිප දෙනෙක් ද ගොන් වස්සා දෙස බලා හිඳගෙන කම්මුල්වල අතතියාගෙන සුසුම් හෙළන්නට වූහ.

මොකද අඬන්නේ වෙළෙන්දා ගොවියාගෙන් විමසීය.

නෑ මුදලාලි මම මේ සතා හැදුවේ මගේම දරුවෙක් වගේ. මම වගේම ගමේ අයත් වස්සාට ආදරෙයි. මොකද කුඹුරු වැඩට නියමයි. කියලා වැඩක් නෑ. මම මේ සතා දෙන්නේ හිතකින් නෙමේ. කරන්නම දෙයක් නැති තැන තමයි දෙන්න තීරණය කළේ. මසට ඇරුණුකොට මේ සතා වෙන කවුරුත් හදා වඩා ගන්න ගන්නේ නෑ මුදලාලි. කමක් නෑ උඹට නිවන් සැප ලැබේවා. මුදලාලි මේ සතාගේ අං දෙක සමග හිස් කබල මට දෙන්න පුළුවන්ද? මොකද මම පදිංචිව සිටින ගෙයි කොනක බිත්තියේ සවි කර ගන්න. ඒක මට කරන්න පුළුවන් මාස දෙක තුනකින් දෙන්නම්. මම ඉන්නේ අහවල් තැන එතැනට එන්න යැයි වෙළෙන්දා ගොවියාට පවසා ගොන් වස්සා රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.



අදහස් (1)

හරකා මරන්න දීලා හිස් කබල සිහිවටනයකට ඉල්ලලා

fairoos Sunday, 28 May 2023 02:33 PM

ගව ඝාතනය තහනම් කරලා නැද්ද ?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 646 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17679 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site