IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


හයි පාට් පෙන්වන්න ගිහින් හුළං බැහැලා

ආයතනයේ හිමිකරු තමාගේ ඥාතියකු යැයි  කියමින්  නිලධාරීන්ට  හා සේවකයින්ට  හයි  පාට් පෙන්වමින් සිටි පොරකට හදිසියේම ඉහළ  නිලයක්  හිමිවී පුටුවේ වාඩිවූ පළමු දිනයේම සේවකයින් අතර  නෝන්ඩි වී ගිය පුවතක් ගැන දකුණු පළාතේ නගරයකින් පසුගියදා අසන්නට ලැබුණි.
මෙය පොල් කර්මාන්තය ආශ්‍රිත වැඩ බිමකි. එහි නිලධාරීන් ඇතුළු  සේවක  පිරිස 60දෙනෙක් පමණ වෙති. ප්‍රදේශයේ පදිංචිකරුවන් මෙන්ම  වෙන පළාත්වල අයද එහි සේවය කරති.
මෙහි පිරිස් කළමනාකරණය භාර  සහාය විධායක නිලධාරියාගේ  හැසිරීම් රටාව හේතුවෙන් ඔහු සිටියේ ආයනයේ සියලු‍ දෙනාගේ  පිළිකුලට භාජනය වී ය. අගනුවර  වෙසෙන ආයතනයේ හිමිකරු  ඔහුගේ ළඟම ඥාතියකු යැයි පවසමින් ඔහු  කටයුතු කරන  නිසා අසාධාරණයක්   සිදුවුවද  රස්සාව   නැතිවෙතැයි  බියෙන් කිසිවකුත් ඔහු හා අරියාදුවට  යන්නේද   නැත.


මේ  අතර  හදිසියේම  මෙම  නිලධාරියාගේ  ඉහළ  නිලධාරියා  හෘදයාබාධයකින්  ආයතනය  තුළදීම  ජීවිතක්ෂයට  පත්වන්නේය. අගනුවර  ප්‍රදේශයේ  පැවති  ඔහුගේ  අවමඟුලට  සියලු‍   සේවකයින්  සහභාගි  වන  අතර  ඒ  වෙනුවෙන්  දිනක  නිවාඩුවක් ද  සියලු‍   සේවකයින්ට  ලැබී  තිබුණේය.
මියගිය  නිලධාරියාගේ  හිස්වූ  තනතුර  හිමිවන්නේ  සේවකයින්ගේ  පිළිකුලට  ලක්වෙමින්  සිටින  මේ  කනිෂ්ඨ  නිලධාරියාටය.
අවමංගල  නිවාඩුව  ලැබුණු  දිනට  පසුදා  අලු‍ත්  පුටුවේ  වාඩිවීමට  ඔහුට  වරම්  ලැබී  තිබුණේය. ‘‘හතේ  කොළේ”‍වෙලා  ඉන්න  කාලෙත්  ”‍තුරුම්පු  හේරා”‍ වගේ  හැසිරුණු  පුද්ගලයා  දැන්  “තුරුම්පු  ආසියා”‍ වී  සිටින  නිසා  සියලු‍  සේවකයෝ  තුස්නීම්භූතවී සිටියෝය.
මෙම  නිලධාරියා  අලු‍ත්  පුටුවේ  වාඩිවී  පැයක්  ඉක්ම යන්නට  මත්තෙන්   කනිෂ්ඨ  නිලධාරියෙක්  හා  සේවකයෝ  දෙදෙනෙක්.  ඔහුගේ කාමරය ඉදිරිපිට පෙනී සිටියහ. වීදුරු දොරෙන් ඔවුන්  දකින  මෙම නිලධාරියා ඔවුන්ට ඇතුළට එන්නැයි  සංඥා කරමින්ම දුරකතනයේ  රිසීවරය කනේ  තබාගත්තේය. ඇතුළට පැමිණි සේවකයන්ට පොඩ්ඩක්  ඉන්න යැයි  අතින් සංඥා කරමින් ඔහු දුරකතන ඇමතුමට පිළිතුරු  බැන්දාය.
‘‘තැන්කිව් අංකල්  තැන්කූ........අවුලක්  නෑ අංකල් වැඩ ටික හොඳින්  කෙරීගෙන  යනවා........නෑ නෑ අංකල් ශිෆ්මන්ට් එක ලබන  සතියෙ  නෙවෙයි  මම මේ සතියෙම  එවන්නං...........හරි  හරි අංකල් මං  එයා ගැන බලා ගන්නම්............අංකල් එයාලට කියන්න දැන් ඉන්නෙ  මිස්ට පීරිස් නෙවෙයි කියල.......ඕ කේ අංකල්.........චෙරියෝ.....බායි.
කතාව  හමාර කළ ඔහු රිසීවරය දුරකතනය මත තබමින්ම”‍බොස් සුබ  පැතුව උදේම.ඉතිං! මොකද? මේ මහත්වරු උදේ පාන්දරම”‍ යැයි විමසා  සිටියේය.”‍ නෑ සර් මේ ටෙලිෆෝන් එක දැන්  සතියක් තිස්සෙම වැඩ  කරන්නෙ නෑ. කේබල් එකේ පොඩි ඩැමේජ් එකක් තිබුණ. ඕඩර් කරපු  බඩු ඊයෙ ඇවිල්ල තිබුණ. අපි ආවෙ කේබල් එක මාරුකරන්න. සර්  පොඩ්ඩක්  නැගිට්ට නම් අපිට වැඩේ කරගන්න පහසුයි”‍කියමින්  කනිෂ්ඨ  නිලධාරියාට පැමිණි කාරණාව පැහැදිලි කළේය.
වචනයක්  හෝ නොදොඩා ඔහු දොර හැරගෙන පිටවී ගියේය.
එම සිද්ධියෙන් පසු ඔහු හා ලොක්කා අතර ඥාති සම්බන්ධයක්  නැති බව හෙළිවීම නිසා ඔහුගේ තිබූ  ඔළුවේ හුළං බැස ගොස් සාමාන්‍ය   තත්වයට පත්වූ බවත් එහි සේවකයෝ පවසති.   

පෝද්දල සරත් ආනන්ද ගමගේ



අදහස් (0)

හයි පාට් පෙන්වන්න ගිහින් හුළං බැහැලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site