IMG-LOGO

හිමිනමගේ පාවහන් උස්සලා අතේ තිබූදේත් නැතිකරගෙන

(ගම්පහ තිලකරත්න දිසානායක)
පියා සතු ගිනි අවිය තමන් නමට පවරා ගැනීම සඳහා ගම්පහ දිසාපති කාර්යාලයට පැමිණි පුද්ගලයකුට කාර්යාලයේ පැවැති ආගමික කටයුත්තක් නිසා සුළු වේලාවක් ප්‍රමාද වන බව දැන්වීමෙන් පසු කෝපයට පත්ව ආගමික කටයුතු සඳහා වැඩම කළ හිමියන්ගේ පාවහන් යුගල සොරාගෙන යාමේ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තාවෙයි. 


ගම්පහට නුදුරු ප්‍රදේශයක පදිංචි පුද්ගලයකු වන මොහු තම පියා සතුව පැවති නිත්‍යනුකූල ගිනි අවිය තමන්ට පවරා ගැනීම සඳහා අවශ්‍ය සියලු ලිපි ලේඛන සකස්කර අවසන් අනුමැතිය ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියේය. 


කලින් යොදාගත් පරිදි එම ආයතනයේ එක් අංශයක ධර්ම දේශනාවක් පැවැත්වෙමින් තිබුණි. කාර්යාලයේ සියලු_ දෙනා ධර්ම දේශනයට සහභාගි වී සිටියහ.  


ධර්ම දේශනය නිසා සුළු වේලාවක් කාර්යාලය අසල රැඳී සිටීමට සිදු වීම නිසා  කෝපයට පත් මොහු ධර්ම දේශනයට වැඩම කළ හිමියන්ගේ පාවහන් යුවළ තමා හැඳසිටි කබායට දමාගෙන නිවස බලා පිටත් විය.  ධර්ම දේශනය අවසන් වී ආපසු විහාරස්ථානයට වැඩම කිරීමට ආ භික්ෂූන් වහන්සේගේ පාවහන් යුගල අස්ථාන ගත වී තිබුණි.  දිසාපති කාර්යාලයේ හැමෝම මෙම සිද්ධියෙන් අපහසුතාවට පත්ව සිටි අතර වහාම ක්‍රියාත්මක එහි ආරක්ෂක අංශය ආරක්ෂක කැමරා පරීක්ෂා කළේය. උන්වහන්සේගේ පාවහන් අතට ගත් කිසියම් පුද්ගලයකු එය තම කබායේ සඟවාගෙන යන අයුරු එහි පැහැදිලිව දිස්විය. 


මේ කිසිවක් නොදන්න ආකාරයෙන් තමන්ගේ ගිනි අවියේ අවසන් අනුමැතිය ලබා ගැනීම සඳහා පසුදින ඔහු නැවතත් දිසාපති කාර්යාලයට පැමිණියේය.  


පාවහන් පැහැරගෙනා යන පුද්ගලයාත් ගිනි අවියට අනුමැතිය ගැනීමට ආ පුද්ගලයාත් සමාන බව එහි ආරක්ෂක අංශයට ඒත්තු ගිය නිසා වහාම ඒ බව පොලිසිය දැන්වීය. පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුයේ තමාට සිදුවු පමාව නිසා තමා එහි තිබූ පාවහන් යුගල රැගෙන ගිය බවයි.  


මේ ආකාරයට හදිසි කෝපයකට පත්වන්නෙකුට ගිනි අවියක් ලබාදීම සුදුසු නොවන බවට තීරණය කළ බලධාරීන් පියා සතුව තිබු ගිනි අවිය පුතාට පැවරීම වෙනුවට රජයට පවරා ගැනීමට තීරණය කර පොලිසියට දැනුම්දී ඇත්තේ අවිය පොලිස් බාරයට ගන්නා ලෙසයි. 



අදහස් (1)

හිමිනමගේ පාවහන් උස්සලා අතේ තිබූදේත් නැතිකරගෙන

Asoka Jayasena Monday, 04 June 2018 10:02 AM

කාර්යාල තිබෙනුයේ ජනතාවට සේවය කිරීමට මිස කාර්යාල වේලාවන්හි බණ ඇසීමට නොවේ...

:       116       1152

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 439 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 613 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site