IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


හොඳ හෝටලයකින් කන්න ගිහින් ගමටම නෝන්ඩි වෙලා

(පස්සර ගාමා වීරසිංහ)

නගරයේ හොඳ හෝටලයකින් කෑම වේලක් කන්නට ගිය අක්කා නගෝ දෙදෙනෙකුට සිද්ධවුණු මතක හිටින පාඩමකි මේ.

සිද්ධියට මුහුණ දුන්නේ වැලිමඩ ප‍්‍රදේශයේ සිට ගම්පොළ ප‍්‍රදේශයේ ගමකට විවාහයෙන් පසු පදිංචියට ගිය කාන්තාවක හා වැලිමඩ ප‍්‍රදේශයේ ගමක පදිංචි අක්කා නගෝ දෙපළක්ය. නංගි ගම්පොළ ප‍්‍රදේශයේය.

ළඟදී වැලිමඩ ප‍්‍රදේශයේ සිටින සිය අක්කණ්ඩිය බැලීමට පැමිණි නංගී සමග පහුවදා වැලිමඩ නගරයේ රෙදිපිළි ආභරණ ගැනීමට යමුයි දෙදෙනාම කතිකා කරගත්හ.

උදේ සිට වරුවකටත් වැඩි වේලාවක් නගරයේ ඇඳුම් ආයිත්තම් ගැනීමට සැරිසැරූ මේ දෙදෙනා බඩගින්න නිවා ගැනීමට හොඳ හෝටලයකින් කෑම වේලක් කමුයි යෝජනා කරගෙන නගරයේ හොඳම හෝටලයකට ගොස් තිබේ. දෙදෙනාම මස් මාළු සහිත හොඳ කෑම වේලක් ගේන්න යැයි හෝටලයේ සේවකයාට පවසා ඇත.

‘ෂා.. නියම කෑම වේල නංගි යැයි පවසද්දී’ අක්කා ඔව් අපි ඉතින් ටවුමට ආවාම කන්නේ මේ හෝටලයෙන් තමා යැයි පවසමින් දෙවන වරටත් බත් මස් මාළු බෙදා ගනිමින් හොඳ හැටි සප්පායම් වෙමින් අවසන් බත් කටවල් දෙක තුන භුක්ති විඳිද්දී දුටු දෙයින් දෙදෙනාම අන්ද මන්ද විය.

‘නංගි බලනවකෝ මගේ බත් එකේ දතක්’. කියමින් හෝටලේ දෙවනත් වෙන්න අයිතිකරුට හා සේවකයාට බැණ වැදුණේ  දෙන්නාම දන්නා සිංහලෙන් ආමන්ත‍්‍රණය කරමිනි. කඩ හිමියාද සේවකයාද පැවසීමට දෙයක් නොමැතිව අසරණ වෙද්දී බිලත් නොගෙවාම ගෙදර යාමට බසයට ගොඩවී සිදුවූ දේ ගැන කථාබස් කරමින් බස්රථයේ අසළවුන් කීපදෙනෙකුටද හෝටලයේ තරම ගැන පවසමින් යද්දී අක්කා නංගී දෙස බලමින් ‘මං නම් මුදලාලිගේ රෙදි ගැලවෙන්න කිවුවා’ කියද්දී අක්කාගේ මුහුණ දෙස බැලූ නංගී දුටු දෙයින් දෙලොව රත්විය.

‘අක්කේ උඹගේ කටේ ඉස්සරහ දත කෝ’ කියද්දී අක්කාගේ බොරු දත් ඇන්දේ දතට වුණ දේ සිහිවෙද්දී සියල්ල සිදුවී හමාරය. ආයේ ගෙදරටවත් කාටවත් නොකියමුයි දෙන්නා කතා වුණත් පැය 24 ක් යන්නට පෙර අසළ හිඳගෙන සිටි අසල්වැසි කාන්තාවන් හෝටලයේදී සිදුවූ සිද්ධිය ගමේම පතුරුවා තිබිණි.



අදහස් (4)

හොඳ හෝටලයකින් කන්න ගිහින් ගමටම නෝන්ඩි වෙලා

himal Friday, 08 September 2017 06:12 AM

අතේ සල්ලි තියෙනවා නම් තමන් කැමති හෝටලයෙන් කෑම ගත්තාම වැ‍රැද්ද මොකක්ද?ඇයි මේ හොඳ හෝටලයෙන් කන්න ගිහින් කියන්නේ? මේක බොරු දත් දාගෙන ඉන්න ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්.

:       2       67

ZeylanicusSaturday, 09 September 2017 08:29 AM

හිමාල්, මෙතන ප්‍රශ්නේ බොරු දත් පාවිච්චි කිරීම නොවේ. තමන්ගේම දත නිසා වුණ දෙයට නිරපරාදේ හෝටලයට දොස් කීම තමයි...

:       0       29

himal Saturday, 09 September 2017 11:31 AM

කාට වුණත් බොරු දත් භාවිතා කරලා මේ වගේ දෙයක් වුණත් ඔච්චර තමයි. දැන් මේ ගොල්ලො සයිවර් කඩේකින් කෑවා නම් ප්‍රශ්නයක් නැද්ද? ඇමරිකාවේ අවන්හලක කුකුල් මස් කෑල්ලක් මීයෙක් වගේ කියලා ප්‍රචාරය කරලා අන්තිමට ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු වුනා. ඒත් එතනදි ඒක හොඳ හෝටලයකින් කන්න ගියා ඕං කියලා කවුරුවත් කියන්න ගියේ නෑ. අනික ප්‍රධානම දේ..අපි හිනාවෙන්න ඕන මිනිස්සු එක්ක. එහෙම නැතුව මිනිස්සුන්ට හිනා වීම නෙවෙයි.

:       0       51

kap Sunday, 10 September 2017 05:49 AM

බොරු කතාවක්... නංගි දැක්කා... අක්කගේ නැති දත අනික් අය දැක්කේ නැද්ද ?

:       2       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1526 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 486 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site