IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


හඳුන්කූරේ අබිරහස කුලී කාමරෙන් එළියට පැනලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

වෙළෙඳාමක් නැතත් බස් නැවතුමේ සැමදාම හඳුන්කූරු විකුණන්න පැමිණෙන  කාන්තාවගේ හඳුන්කූරු වෙළෙඳාම පිළිබඳ පැටිකිරිය  කුලී කාමරයකින් මතු වූ අපූරු පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.

බස් නැවතුමේ නිකරුණේ ගැවසෙන කාන්තා, පිරිමි දෙපාර්ෂවයටම පොලිසියෙන් වැටබැඳ තිබුණි. මේ නිසාම මේ බස් පොළට එන පිරිමින් කෙසේ වෙතත් කාන්තාවෝ දැඩි පරිස්සම් වූහ. බස් නැවතුමේ කාන්තාවක නිතර නිතර ගැවසෙනවා නම් ඊට සාධාරණ හේතුවක් තිබීම අනිවාර්යය විය.

මේ කරුණු කාරණා මෙසේ තිබීයදී මේ බස් නැවතුමේ කාන්තාවක් හඳුන්කූරු අලෙවි කිරීමට යයි කියමින් පැමිණ සිටියාය. ඇය අත හඳුන්කූරු පෙට්ටි තිබීමෙන් එය වඩාත් තහවුරු විය. ඇය කාට හෝ හඳුන්කූරු අලෙවි කිරීමට උනන්දුවක් නොගත් අතර හඳුන්කූරු වෙළෙඳාමක් ද නොතිබිණ. ඒ බස් නැවතුමට එන මගීන්ට සෑම දිනකම හඳුන්කූරු අවශ්‍යම භාණ්ඩයක් නොවීම එයට හේතුවක්ද වී තිබිණ.

මේ ආකාරයට කාලයක් ඇය මේ වෙළෙඳාමක් නොකළ හඳුන් කූරු වෙළෙඳාමේ යෙදී සිටියාය. අම්බලන්ගොඩ කුලී කාමරයකට ගිය ජෝඩුවකින් පිරිමියා අබිරහස් ලෙස මිය යන්නේ ඔහුත් සමග එහි ගිය කාන්තාව සිටියදීය. 

මේ අබිරහස් මරණය සඳහා පරීක්ෂණ කිරීමට ගිය නිලධාරීන්ට ඔහු සමග කාමරයට ගිය කාන්තාව හඳුනා ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය. ඒ  හඳුන්කූරු වෙළෙඳාමක් නැතත් හඳුන්කූරු වෙළෙඳාම් කරන මුවාවෙන් මෙතුවක් කලක් බස් නැවතුමේ සිටි කාන්තාව බව හෙළිවිය.

ඇය සමග ගිය අය අබිරහස් ලෙස මිය නොගියා නම් ඇය තවමත් බස් නැවතුමේ අබිරහස් හඳුන්කූරු වෙළෙඳාමේ නියැලී සිටිනවා නිසැක යයි මේ පිළිබඳ තතු දත්තෝ පැවසූහ.

 



අදහස් (1)

හඳුන්කූරේ අබිරහස කුලී කාමරෙන් එළියට පැනලා

vernon Tuesday, 07 February 2023 04:25 PM

කොහේ තියෙන නීතියක්ද? බස් නැවතුම්පළක ‍රැඳී සිටීමට පොලිසියට වග උත්තර බඳින්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site