(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
දන්කොටුව ප‍්‍රදේශයේ කාන්තාවක් නින්දෙන් දුටු අනතුරු හීනයක් නිසා කලබල වී අසල්වැසියන් හා නෑදෑ හිතමිතුරන් මහා පාන්දර නැගිට්ටුවා සිදුවූ ජංජාලයක් පසුගියදා වාර්තා විය.
දානයකට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පාන්දර 3ට පමණ තම සැමියා වාහනයෙන් පිටත් වූ පසු එම කාන්තාව ඔරලෝසුවේ වෙලාව තබා නින්දට ගොස් සුළු මොහොතකින් හීනෙන් තම සැමියා ගමන් ගත් වාහනය හා බස් රථය අනතුරට ලක්වී තිබෙනු දැක බය වී තම සැමියාගේ දුරකතනයට ඇමතුමක් ගත්තත් එයට පිළිතුරු නොදීම නිසා දුරින් සිටි නෑදෑයන් හා අසල්වැසියන්ට පාන්දර හතරට පමණ දුරකතනයෙන් කතා කර ගෙන්වාගෙන අනතුර සිදුවූ බවට හීනෙන් දුටු ස්ථානයට කැඳවාගෙන ගොස් ඇත.
තම ඥාතියාගේ හා අසල්වැසියාගේ ඉල්ලීමට ආ පිරිසක් වාහන කීපයකින් හා යතුරුපැදි කීපයකින් කලබලෙන් දන්කොටුව නගරය ආසන්නයේ ඇති ස්ථානයට ගොස් සොයා බැලූවත් එවැනි අනතුරක කිසිදු සේයාවක් වත් නොමැති නිසා ආපසු නිවෙසට ඒමට පිටත්වෙද්දී කාන්තාවගේ සැමියාත් මාළු රැගෙන ඉතා හොඳින් එන බව දැක තිබේ.
හීනයක් නිසා නිවාඩු දවසේ තමන්ගේ නින්ද අහිමි වීම ගැන හිතමින් අසල්වැසියන් හා ඥාතීන් නිවෙස්වලට ගොස් තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1526
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හීනෙන් බයවී ගමම හොල්ලලා
pitigala Thursday, 31 August 2017 06:12 AM
හොඳ අසල් වැසියන් සිටින ගෙදරක්. ඇත්තටම!