IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


හීනෙන් බයවෙලා කෝච්චියකුත් නවතලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
මඩකළපුව සිට මහව දුම්රිය මංසන්දිය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගමන් කළ මගියකු නින්දෙන් අවිදි වී තමන් බැසීමට නියමිත දුම්රිය ස්ථානයෙන් බැසීමට නොහැකි වීම නිසා කෑගැසීමෙන් පසු දුම්රිය නතර කළ පුවතක් සියඹලන්ගමුව ප්‍රදේශයෙන් වාර්තා විය. 


මෙම දුම්රිය අවුකන හා නෑගම දුම්රිය ස්ථාන පසුකර සියඹලන්ගමුව දුම්රිය ස්ථානය වෙත ඉකුත් 10 වැනිදා පස්වරු 5.30ට පමණ ළඟා වී මගීන්ට බැසීමට හා නැගීමට නවතා තිබුණි. 


ඉන් අනතුරුව දුම්රිය එම ස්ථානයෙන් ක්‍රමයෙන් ඉදිරියට ඇදී යන අවස්ථාවේ දී තුන්වැනි මැදිරියේ සිටි පුද්ගලයකු දුම්රියෙන් බැස ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්වෙන අයුරු දුම්රිය ස්ථානයේ පිටත පිරිසක් දැක ඒ බව නියාමක මැදිරියේ සිටි දුම්රිය නියාමකට දැනුම් දීමට පියවර ගත් බව ප්‍රදේශවාසීහු පැවසූහ.


ඒ සමඟම දුම්රිය නියාමකවරයා ධාවනය වූ දුම්රිය නවතා ඇතත් කිසිවකුත් බැස නොමැත. පසුව දුම්රිය නියාමක බිමට බැස එම මැදිරිය වෙත ගොස් අදාළ තැනැත්තාගෙන් ඒ ගැන විමසීමේ දී නින්දෙන් අවදි වී මොරගොල්ලාගම දුම්රිය ස්ථානය යැයි සිතා හෙතෙම කලබලයට පත් වූ බවට කරුණු හෙළි වී තිබේ. 


ඒ අනුව මොරගොල්ලාගම දුම්රිය ස්ථානය ඉදිරියේ බව දැනුවත් කරමින් නවතා තිබූ දුම්රිය නැවත ධාවනය කරන්නට දුම්රිය නියාමකවරයා පියවර ගත් බවට ද ප්‍රදේශවාසීහු සඳහන් කළහ.



අදහස් (0)

හීනෙන් බයවෙලා කෝච්චියකුත් නවතලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 83 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site