හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
පාසලේ පැවැත්වූ අවුරුදු උත්සවයේ දී දෙහි ගෙඩියක් හැන්දමත තබාගෙන දුවන තරගයෙන් සිය දරුවාට ජය ලැබීමට අපූරු ප්‍රයෝගයක් සිදුකළ කාන්තාවක පිළිබද කතාවක් දකුණු පළාතේ ප්‍රසිද්ධ ප්‍රාථමික පාසලකින් වාර්තාවේ.
පුතාගේ පාසලේ අවුරුදු උත්සවය සඳහා යාමට මවද යුහුසුළුව සූදානම් වූවාය. සැමියා විදේශ රටක සේවය කරන අතර දරුවාගේ සියලු කාර්යයන් සිදුකළේ මව විසිනි. නවින විලාසිතාවලින් ප්‍රියමනාප ලෙස සැරසී දිනපතා දරුවා රැගෙන පාසලට යන ඇය පිළිබදව අනෙක් සියලු මව්පියන්ගේ අවධානය යොමු කෙරිණි.
අවුරුදු උත්සවයේ විවිධ තරග ඉසව් පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර එම තරග ඉසව් අතරින් දෙහි ගෙඩියක් හැන්දමත තබාගෙන දුවන තරගයට මෙම කාන්තාවගේ දරුවාද තෝරාගෙන තිබුණි.
තරගය ආරම්භ කිරිමට සූදානම් වූ අවස්ථාවේ මව දරුවාට අවශ්‍ය උපදෙස් ලබාදී හැන්ද මත දෙහි ගෙඩිය තබා එය දරුවාගේ කටේ තැබුවාය. තරගය ආරම්භ වූ අතර ළමයා අධික වේගයෙන් දිව ගොස් තරගය නිම කළ අතර දෙහි ගෙඩිය බිම නොවැටී ළමයා දිව ගිය ආකාරය පිළිබඳව ගුරුවරු හා මව්පියෝ දැඩි මවිතයට පත්වූහ.
විනිශ්චය මණ්ඩලය සඳහා සහභාගී වූයේ ගුරු මණ්ඩලයේ සමාජිකයෝ වන අතර ජයග්‍රාහී ළමයා කැදවා හැන්ද සහ දෙහි ගෙඩිය පරීක්ෂා කළහ.දෙහි ගෙඩිය හැන්දමත තදින් ඇලී ඇති බව දුටු විනිශ්චය මණ්ඩලයට ළමයා සිදුකර ඇති වංචාව පිළිබදව හෙළිවීම නිසා උන් හිටි තැන අමතක විය. වහාම තරගය අවලංගු කිරීමට ඔවුහු තීරණය කළහ.
ළමයා පන්තිභාර ගුරු මහත්මිය සමග විදුහල්පතිවරයා වෙත යොමු කළ අතර ළමයා එලෙස ක්‍රියා කිරිම පිළිබදව විමසිමේදි මව දෙහි ගෙඩිය හැන්ද මත තබා දුන් බව ළමයා පැවසිය.
මවද කාර්යාලයට කැඳවා ඒ පිළිබදව විමසන ලද අතර මව පවසා ඇත්තේ ගම් වර්ගයක නමක් සඳහන් කර ඒවා අලේප කර දෙහි ගෙඩිය හැන්ද මත තැබූ බවය.
යක්ෂාරූඩ වූ විදුහල්පතිවරයා ළමයා පිටත්කර ලුණු ඇඹුල් සහිත දේශනාවකින් මවට සංග්‍රහ කළේය. නැවත තරගය පැවැත්වූ අතර කිසිවක් නොදත් ළමයා තරගයේ දෙවැනියා විය. සිද්ධිය ලැව්ගින්නක් සේ පාසල පුරා පැතිර ගිය අතර පාසල නිවාඩුව ආරම්භ වන තෙක් ළමයා රැගෙන මව පාසලට නොගිය බවද සැලවේ.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හැන්දට ගම් ගාලා දෙහි ගෙඩිය අලවගෙන දුවලා
vernon Monday, 10 April 2023 08:53 AM
මෙම තරගයේදී දරුවෙක් බිම ඇද වැටී හැන්ද උගුරේ ඇනී රෝහල්ගත කිරීමට සිදු වූ දිනෙක (එසේ නොවේවා පතමි) මේ විදුහල්පතිටත් ඔහොමම බැනුම් අහගන්න පුළුවන් වෙයි.