(චාමිනි වික්‍රමසිංහ)
සබරගමුව පළාතේ රජයේ රෝහලකි. දෙහැවිරිදි දරුවකු සිය පියා සමඟ රෝහලට ගියේ ඇඟිල්ලේ වූ තුවාලයකට බෙහෙත් දමා ගැනීමටය.
දරුවා තුවාලයට බෙහෙත් දමන විට සිනාමුසු මුහුණින් සිටියේය.
තුවාලයට බෙහෙත් දැමූ හෙදිය ද පැවැසුවේ “අනේ, මේ බබා හරි හොඳයි. පොඞ්ඩක්වත් ඇඬුවේ නෑ” කියාය.
නිවසට පැමිණි විට දරුවාගේ තුවාලය ඒ ආකාරයෙන්ම තිබෙනු දැක මව්පියෝ විශ්මිත වූහ.
හෙදිය බෙහෙත් දමා ඇත්තේ වෙනත් ඇඟිල්ලකටය. නැවත රෝහලට ගොස් ඒ පිළිබඳව කළ විමසීමක දී හෙදිය නිවැරදි ඇඟිල්ලට බෙහෙත් දමා ඇත්තේ දරුවාගේ පියාට ද සද්දයක් දමමිනි.
2025 ඔක්තෝබර් මස 08
1534
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1350
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හෙදිය දරුවාගේ තුවාලයක් නැති ඇඟිල්ලට බෙහෙත් දාලා
pitigala Thursday, 22 March 2018 02:27 AM
ඕක ගැන වැඩිය ප්‍රචාරය කරන්න එපා .හෙට ඉඳලා සෞඛ්‍ය අන්ස වල දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පටන් ගනියි.අහින්සක ලෙඩ්ඩු අමාරුවේ වැයෙයි.
Aluthgama A. Samathasena. Thursday, 22 March 2018 09:23 AM
හාස්ස්‍ය ගැබ්වුණ අපුරු පුවතක්.ඉදිරිපත් කිරීමද අලංකාරයි.සරල සුගම බස් වහරද සිත් ගන්නා සුළුයි.චිත්‍රයත් පසුබිමත් ඉතා අගෙයි.
සඳුන් Friday, 23 March 2018 02:44 AM
හෙදියොයි , වෛද්‍ය වරුයි ඔහොම තමයි . මොකක් හරි වැරද්දක් පෙන්නලා දුන්නොත් මාරාවේශ වෙනවා .
Thusha Friday, 23 March 2018 11:59 AM
මේ කාටුන් අඳින සිත්තරාගේ, චිත්‍රවල වර්ණ සංයෝගය හරිම අපූරුයි. අපේ අය හරිම කුහකයි. හොඳ දේට හොඳයි කියලා කියන්න වියදමක් යන්නේ නැහැනේ. මම නම් මේ කතා සමඟ පලවන චිත්‍ර අසාවෙන් බලනවා.
rohana kumara mendis Friday, 23 March 2018 12:23 PM
ඕක ඉතින් අද, ඊයේ වුණු දෙයක්ද? අනේ වම වෙනුවට දකුණු කකුල කපන දොස්තරලා ඉන්න රටනේ මේ. හැබැයි සයිටම් එපා... එතන අයට වැඩ බැහැ. එ්කනේ සල්ලි නැති කෙනෙක් වුණත් දේපළ විකුණලා හරි ඉන්දියාවට යන්නේ...