IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


හිතේ හොරයක් මතුවී පොලිසියත් අමාරුවේ දාලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පැරණි පන්නයේ නිවසකි. වසර හැට හැත්තෑවක් පැරණි නිවස එකම වේ ගුලක් වී ඇත. සාලය කාමර මෙන්ම කුස්සිය ද වේයන්ගේ තුඹස් නිසා නිවස විනාශ වෙමින් පවතී.


නිවස වේයන්ගෙන් බේරා ගන්නට නිවැසියෝ විවිධ පියවර ගනිති. නිතරම වේ හුඹස් කඩා මැටි හා පස් ඉවත් කර රසායනික වර්ග ඉසීමද කෙරේ. මේ නිසා නිවස ඇතුළේ තැන තැන විශාල වළවල් දැකිය හැකිය.


 මේ නිවසේ එක් සාමාජිකයකු නිතරම ආගමට දහමට මුල්තැන දෙමින් කටයුතු කරයි. උදේ හවා මල් පහන් පූජා කිරීම මේ සාමාජිකයාගේ සිරිතය. අසල්වැසියකු පසුගිය දිනක මේ නිවසට ගියේ අවශ්‍යතාවක් සඳහාය. නිවසේ මල් පහන් පුදා ඇති අන්දමත් තැන තැන වළවල් ඇති අන්දමත් මේ අසල්වැසියාට දක්නට ලැබිණි.


මේ අයට කිසියම් කුකුසක් ඇතිවිය. ආපසු ගිය මේ තැනැත්තා කල්පනා කළේ අසල ගෙදර සිදුවන්නේ කුමක්ද යනුවෙනි. නිධානයක්වත් හාරනවාද මේ අයට සිතුණි. සිතිවිල්ල අනුව වහා ක්‍රියාත්මකවී මේ අය මේ බව දන්නා හඳුනන අයකු මඟින් පොලිසියට දැන් වූයේ කිසිදු සොයා බැලීමකින් තොරවය.


පොලිසිය ක්‍රියාත්මක විය. නිදන් හාරන බවට සැක කෙරෙන නිවැසියන්ගෙන් ප්‍රශ්න කෙරුණි. නිවැසියෝ වේයන්ගෙන් සිදුවන හානිය ගැන කරුණු කාරණා දැක්වූහ. අන්තිමේ එය සත්‍ය බව පොලිසියට පසක් විය. අසල්වැසියා කිසිදු සොයා බැලීමකින් තොරව කළ පැමිණිල්ල නිසා නිවැසියන් මෙන්ම පොලිසිය ද අපහසුතාවට පත්විය. 

 



අදහස් (0)

හිතේ හොරයක් මතුවී පොලිසියත් අමාරුවේ දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 247 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site