IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හිත හොඳ ගුරුවරියගේ කනෙන් මුරකාරයා රිංගලා

(බළන්ගොඩ - විශේෂ වයි.ඒ.එස්. වීරවංශ)
මෙය එක්තරා ප්‍රදේශයක සිදු වූ අපූරු සිදුවීමකි. ඇය එම ප්‍රදේශයේ විදුහලක ගුරුවෘත්තියේ යෙදෙන්නීය. එම විදුහලේ මුරකරුවෙකු ලෙස සේවය කරන ඔහු කාගේත්  ආදරය දිනාගත් පුද්ගලයෙකි. හැමෝටම විශ්වාසවන්තය.


දිනක් ගුරුවරිය ඔහුට තම ඒ.ටී.එම්. බැංකු කාඞ්පත හා එහි අංකය දී  ප්‍රකාශ කළේ  නගරයට ගිහින් එන ගමන්  මුදල් රුපියල් පන්දහසක් රැගෙන එන ලෙසටය.


ඒ අනුව මුරකරු නගරයට ගොස් ආපසු එන ගමන් ගුරුවරියට අවශ්‍ය මුදල්  ගෙනැවිත් දුන්නේය. ටික දිනක් මෙසේ ගත විය. ගුරුවරිය බැංකුවට ගිය දිනෙක තම ගිණුම පරීක්ෂා කළාය. “දෙයියෝ  සාක්කි” මේකේ රුපියල් ලක්ෂයයක් අඩුයිනේ. කව්ද මේ සල්ලි ගත්තේ. ඒ.ටී.එම්. කාඞ් එකත්  මගේ ළඟනේ තිබුණේ.


වහාම මේ පිළිබඳව අදාළ බැංකු ශාඛාවේ කළමනාකරුට දන්වා සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂා කළාය. හරි හොරේ අසුවුණා. මේ කැමරාවේ ඉන්නේ අපේ ඉස්කෝලේ වැඩකරන මුරකරු. ඇය කළමනාකරුට කීවාය. පසුව ඇය වහාම මේ පිළිබඳව තම   පුරුෂයාට දන්වා මුරකරුගේ නිවසට ගියාය.


ඒ වන විට මුරකරුද සේවය නිමකර නිවසේ රැඳී සිටි අතර පෙදරේරුවෝ හා වඩුවෝ  කිහිපදෙනෙක් නිවස අලුත්වැඩියා කරමින් සිටියහ. ඇය මුරකරුට කතා කළාය. සියලු විස්තර කීවාය. මුරකරු කිසිවක් නොදන්නා බව කීවේය. හරි කමක් නැහැ. අපි එහෙනම් පොලීසියට යන්නම්. ඇය කීවාය. අනේ, මිස් පොලීසි යන්න ඕනෑ නැහැ. මම ඇත්ත කියන්නම්. එදා මිස් මට දුන්නු  ඒ.ටී.එම්. කාඞ්එකේ  අංකය ලියගෙන තියා ගත්තා. පසුව දිනෙක  මිස් පන්තියෙ උගන්වන වේලාවේ  කාඞ් එක බෑග් එකෙන් හොරකම් කරලා දෙපාරකට  රුපියල් පනස්දහස බැගින් අරගෙන ආපසු කාඞ් එක මිස්ගේ බෑග් එකට දැම්මා යැයි ඔහු කීවේය. ඒ ගත්ත සල්ලි වලින් තමයි මේ ගේ අලුත්වැඩියා කරන්නේ.


කොහොම වුණත් තමුන් කළේ බරපතළ වරදක්. පහත් වැඩක්. විශ්වාසකමටනේ මම අංකය දුන්නේ. දැන් මොකද කරන්නේ ගුරුවරිය ඇසුවාය. අනේ මිස් මම සල්ලි ටිකටික දෙන්නම්. ඔහු බැගෑපත් ලෙස කීවේය. තමුන්ගේ දරුවොයි, බිරිඳයි ගැන කල්පනා කරලා මම පොලිසි යන්නේ නැහැ. පොලීසි ගියොත් තමුන්ගේ රැකියාවත් නැතිවෙනවා. ඒ නිසා ටික ටික හරි මගේ සල්ලි දෙන්න කියා ඇය ඔහුගේ නිවසින් පිටත් වූයේ අද රටේ මිනිස්සු කොහොම විශ්වාස කරන්නද කියමින්ය.

 



අදහස් (6)

හිත හොඳ ගුරුවරියගේ කනෙන් මුරකාරයා රිංගලා

theshan Monday, 01 October 2018 05:16 AM

මෙතන ලොකුම වැරැද්ද කරලා තියෙන්නේ ගුරුවරිය, මොනතරම් විශ්වාස වුනත් ඒටීඑම් කාර්ඩ් එකේ නොම්මරය දුන්නේ ඇයි? එහෙම දුන්නම මම කරන්නේ වහාම අාපහු අංකය වෙනස් කරන එක. එක එහෙම වුණානම් මේක සිද්ද වෙන්නේ නැහැ. අනෙක් අතට මුරකරු කරලා තියෙන්නේ අන්තිම පහත් වැඩක්. අල්ලලා දෙන්න තිබ්බේ පොලිසියට. පාඩමක් ඉගෙන ගන්න...

:       26       45

sasithMonday, 01 October 2018 09:46 AM

පොලීසියට අල්ලල දුන්නනම් එයාගේ ළමයිට කන්න බොන්න දෙන්නේ කවුද?

:       13       8

sampath_08 Monday, 01 October 2018 11:42 AM

ගුරුවරිය මේක මෙහෙම සමථ කර ගැනීම ඉතා හොඳ දෙයක්...

:       1       33

pitigala Tuesday, 02 October 2018 02:00 AM

ගුරුතුමිය උසස් නියම ගුරුතුමියක්. ඔබට දේව ආශීර්වාද ලැබේවි. මුර කරු විස්වාස ඝාතක අමනයෙක්.

:       34       111

Thusha Tuesday, 02 October 2018 07:41 AM

හිත හොඳ වුණාම, සමහරු හිතන්නේ එය දුර්වලකමක් කියා... ඒ අය අයුතු ප්‍රයෝජන ගන්න මානබලති. තමන්ට තමන් හැර අන් සරණක් නොමැත....

:       0       6

Deepal Nirosh Friday, 05 October 2018 03:42 AM

කම්මැලිකමක මහත? ඒ මදිවට තමුන්ගෙ බැංකු හර කාඩ්පත රහස්‍ය අංකය සමඟ පිටස්තරයෙකුට දෙන්න තරම් මෝඩ වෙච්ච මේ වගේ කම්මැලි ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට නම් දෙයියන්ගේම පිහිටයි. අඩුගානෙ මුල දවසෙ මුරකරු තමුන් ඉල්ලූ මුදල ගෙනැවිත් දුන් පසු රහස්‍ය අංකයවත් වෙනස් කරගන්න තරම් බුද්ධියක් නැහැ. රහස්‍ය අංකය නැතත් ඕනම කෙනෙකුට තමුන්ගෙ හෝ අනුන්ගෙ හෝ බැංකු හර කාඩ්පතක් අරන් සුපිරි වෙළඳ සලෙකින් බඩු මිල දී ගන්නත් පුළුවන්.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site