IMG-LOGO

හතළිස් පන්දාහක ජංගම දුරකථනය වෙනත් කතකගේ කුඩය ඇතුළට ගිහින්

බසයේ සෙනග වැඩි නිසා තම අත් බෑගය අසුනක ඉඳගෙන සිටි කාන්තාවකට දුන් පසු බසයෙන් බසිද්දී එහි තිබූ රුපියල් හතළිස් පන් දහසක් වටිනා ජංගම දුරකථනය එම කාන්තාව විසින් සොරාගෙන ඇති අතර ත්‍රීරෝද රථ රියැදුරෙකුගේ විමසිලිමත් බව නිසා නැවත සැණින් සොයාගත හැකි වී තිබේ.

දාරාඔය සිට කොළඹ රැකියාවට යෑම සඳහා මෙම කාන්තාව හේවාහැට සිට දෙල්තොට යන බසයකට ගොඩ වී ඇත. බසයේ සෙනග වැඩි නිසා තම අත්බෑගය අසුනක ඉඳගෙන සිටි කාන්තාවකට දී ඇත. දෙල්තොටදී දෙදෙනාම බසයෙන් බැස ඇති අතර දුරකථන ඇමතුමක් ගැනීම සඳහා ජංගම දුරකතනය ගැනීමට යාමේදී එය බෑගයේ නොමැති බැවින් වහාම අසල සිටි හඳුනන ත්‍රිරෝද රථ රියැදුරෙකුට සිද්ධිය පවසා ඇත. දුරකථනය සොරාගත් කාන්තාවගේ හැඩරුව පවසද්දී එවැනි කාන්තාවක් දෙල්තොට රෝහල දෙසට ගමන් කරනවා තමන් දුටු බව ත්‍රීරෝද රථයේ රියැදුරු පවසා ඇත.

ඒ අසල රාජකාරි කළ සිවිල් ආරක්‍ෂක බළකා නිලධාරීන් දෙදෙනෙකු ද සමග දෙල්තොට රෝහල් පාර දිගේ යන විට අදාළ කාන්තාව හමු වී ඇත. තම බෑගයේ තිබූ ජංගම දුරකථනය නැති වී ඇති බව පවසා ඇති විට තමා බෑගය රැගෙන උදව් කළ බවත් එවැනි හොරකමක් කිරීමට අවශ්‍ය නැති බවත් පවසා එම කාන්තාව දොස් පවරා ඇත. පසුව තමාගේ දුරකථනයේ අංකයට වෙනත් දුරකථනයකින් ඇමතුමක් ගත් විට නැති වූ ජංගම දුරකථනය බසයේ ඉඳගෙන සිටි කාන්තාවගේ කුඩය තුළින් ඇසෙන්නට විය. එවිට සොරකමට සම්බන්ධ කාන්තාව මහත් අපහසුතාවට පත් වී අදාළ දුරකථනය නැවත ලබා දී ඇත. තමාගේ නැති වූ දුරකථනය හමුවූ බැවින් තමාට කොළඹ යාමට පරක්කු වෙන නිසා මේ සම්බන්ධව වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවන බව පවසා ත්‍රීරෝද රථ රියැදුරුට සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන්ට ස්තුති කොට ඇය ගොස් ඇත.

(ගලහ - ඩබ්ලිව්.ඒ. අසේල) 



අදහස් (0)

හතළිස් පන්දාහක ජංගම දුරකථනය වෙනත් කතකගේ කුඩය ඇතුළට ගිහින්

ජනිත Friday, 18 November 2016 05:51 AM

ඔය වැඩේ මේ දකින කිසිම කෙනෙක් කරන්න එපා. ඕක අවුරුදු ගණක ඉදන් හුගක් හොරු කරන වැඩක්. (බ)

:       0       0

රූපවතී Wednesday, 16 November 2016 11:20 AM

ඊයේ ලංකාවේ බොහොමයක් මිනිසුන්ගේ ...මානසික තත්වය ඉතාම පහත් ..හොද ගුණධර්මයන් බොහොම අඩුයි මිනිසුන් තුල ..? (බ)

:       0       0

දිලිප් Thursday, 17 November 2016 01:45 PM

අපේ හොද ගුණධර්ම වලට නීතිමය වටිනාකමක් දියයුතුයි. (නි)

:       0       0

රූපවතී Friday, 18 November 2016 08:00 AM

සසී ...මා ලියුවේ ? ඊ යා ලංකාවේ මිනිසුන්ගේ ...? කියලයි (බ)

:       0       0

මහේෂ් Thursday, 17 November 2016 07:59 AM

මේ හැමදේටම මුල රටේ නීතියක් නැතිකම. හොරකමට වංචාවට දැඩි දඬුවම් දියයුතුමයි. එ්ත් කොහොම කරන්නද? (නි)

:       0       0

සරණපාල Wednesday, 16 November 2016 04:18 PM

රූපවතී අක්කේ මේක ධර්මද්වීපයනේ. ඉතින් මේ දේවල් සිදුවිය හැක .(රේ)

:       0       0

සසි Wednesday, 16 November 2016 04:21 PM

ඊයේ විතරක් නොවෙයි, සමහර මිනිසුන්ගේ ගුණධර්මයන් ,ආකල්පයන් , සදාකාලයටම එක වාගේමයි....(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site