IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හතර වටේ කරක් ගැසුවාට ලේලිය නැන්දම්මා ලොක්ඩවුන් කරලා

(කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ)
නිරන්තරයෙන් ගමන් බිමන් යන තම නැන්දම්මාට සංචරණ සීමා පැනවූ ලේලියක සම්බන්ධ පුවතක් මහනුවර ආසන්න ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය.


මහනුවර ප්‍රදේශයේ යමක් කමක් ඇති තැනැත්තියක වූ නැන්දම්මා රජයේ සේවයෙන් විශ්‍රාම ලැබූ, විශ්‍රාම වැටුපකට හිමිකම් කියූ කාන්තාවකි. ඇයගේ බාල පුතුගේ විවාහ මංගල උත්සවය මීට මාස කිහිපයකට පෙර මහ ඉහළින් පවත්වා අලු‍ත් ලේලියක් නිවෙසට කැන්දාගෙන එනු ලැබුවාය.


අලු‍තින් ආ ලේලියට නැන්දම්මාගේ ගතිගුණ හඳුනා ගැනීමට වැඩි දිනක් ගත නොවුණු අතර නැන්දම්මා නිරන්තරයෙන් නිවෙසේ රැඳී නොසිටින, පදිංචි ගම්මානය මෙන්ම රටේ තොටේ තම නෑදෑ හිතවතුන් සොයා නිරන්තරයෙන් ගමන් ගන්නා බවට වැටහිණි.


තමන්ගේ දූ දරුවන් ලබාදෙන මුදල් ද ඇයගේ විශ්‍රාම වැටුපෙන් වැඩි කොටසක් ද මෙම නෑ ගමන් සඳහා වැය කළ අතර ඒ සඳහාම ත්‍රිරෝද රථයක් වෙන් වූයේ ඇගේ මෙම ගමන් බිමන් සඳහාමය.


කෙසේ වෙතත් පසුගිය කාලයේ පැවැති කොවිඩ් වසංගත සමයේ ද ඇයගේ මෙම ගමන් බිමන් අඩුවක් නොවුණු අතර, පොලීසිය මෙන්ම සෞඛ්‍ය අංශවලින් ද කිහිප විටෙක අවවාදයට යටත් වන්නට වූයේ විවිධ උපක්‍රම යොදා ගමන් බිමන්වල නිරත වූ නිසාවෙනි. මේ අතරේ පසුගිය දිනක හදිසියේ සංචරණ සීමා පැනවූ අතර ඒ වනවිට නිවෙසින් බැහැරව නෑදෑ ගෙදරක ගොස් සිටි නැන්දම්මා ආගිය තොරතුරු කතාබහ කරන අතරතුර සංචරණ සීමා පනවන වේලාවන් ද අමතක වූයේ ආගිය කතා ඒ තරම් රසවත් වූ බැවිනි. සංචරණ සීමාවන් පැනවීම නිසා තම නිවෙසට නොපැමිණීම හේතුවෙන් සොයා බලන්නට වූ ලේලියට දැන ගැනීමට ලැබුණේ සංචරණ සීමා නිසා එදින නිවෙසට නොපැමිණි බවත් පසු දිනක නැන්දම්මා නිවෙසට පැමිණෙන බවත්ය.


නැන්දම්මාගේ මෙම ගමන් බිමන් සඳහා සීමා පැනවීමට මෙය කදිම අවස්ථාවක් යැයි සිතූ ලේලිය ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්ෂක බලධාරීන්ට තම නැන්දණිය නොමැති බව දන්වන්නට වූවාය.


ඒ අනුව ක්‍රියාත්මක වූ එම අංශවල නිලධාරීහු නැන්දණිය සොයා යන්නට වූ අතර පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ දින 14ක කාලයක් එම නිවෙසේ ගත කරන ලෙස ඈ වෙත උපදෙස් දුන්හ.


කොහේ කොයි ගමන ගියත් තම නිවෙසට පැමිණ රාත්‍රී ගත කරන නැන්දම්මාට මෙම තීරණය දැනුම් දුන් පසු ඉහමොළ රත්විය.
තම ජීවිතයේ අමාරුම දින 14 ගත කළ නැන්දම්මා යළි නිවෙසට පැමිණියේ ඉන් මතු නිවෙසින් එළියට නොයන බවට තම පුතාටත්, ලේලියටත් පොරොන්දු වෙමිනි.



අදහස් (0)

හතර වටේ කරක් ගැසුවාට ලේලිය නැන්දම්මා ලොක්ඩවුන් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 895 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site