IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


හතුරාගේ කකුල කඩන්න සල්ලි අරන් මිතුරා අන්දවලා

කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත


හතුරාගේ පාදය හතරට කඩන ලෙසට ලබාගත් කොන්ත්‍රාත්තුව පාදය හතරට තියා එකකටවත් නොකඩා ඊට අදාළ මුදල් ලබාගත් අපූරු පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
උස මහත නාරිදේහයටම ගැළපෙන කළු වර්ණයද ඊට සාධකය. දන්නා හඳුනන අයෙකු ඔහු හමුවීමට එන්නේ කල්යල් බලාය. ආරාධනය ආරාධිතයා ගෙනි. ඒ අනුව ඔවුන් දෙදෙනාම යනුයේ නගරයේ ඇඟ රත්කර ගැනීමේ තැනකටය.
මිතුරා ඔහුට හොඳ කටගැස්මක් සහිත හොඳටම ඇඟ රත්කර ගැනීමට ඉඩහසර දුන්නේ අතදිග හැරය. ඒ අතරවාරයේදී මිතුරා ඔහුට වාසියක් වෙන අපූරු යෝජනාවක් කළේය. ඒ තමාගේ භාර්යාව දෙස අමුතු ලෙස බලන තරුණයාගේ එක් කකුලක් තුනට කඩන ලෙසය. ඒ සඳහා රුපියල් පනස්දහසක් ගෙවන බවද මිතුරා කීවේය.


නළල රැළි කරගත් ඔහු කීවේ කකුල තුනට කැඩීමට නම් රුපියල් හැත්තැ පන්දහසක්වත් ලැබිය යුතු බවය. දෙන්නා කොන්ත්‍රාත් මුදල අඩුවැඩි කිරීම සම්බන්ධයෙන් විනාඩි ගණනක කතා බහ කළහ. අවසානයේදී මිතුරා ඔහුගේ හතුරාගේ කකුල කැඩීමේ කොන්ත්‍රාත්තුව ලෙස රුපියල් හැත්තැ පන්දහසක් දීමට පොරොන්දු විය. අත්තිකාරමක් ලෙස රුපියල් විසිපන්දහසක් ඒ වේලාවේම මිතුරා ඔහුගේ අත තැබීය.
ගතවූයේ දින කිහිපයකි. මිතුරා ඔහු සොයාගෙනවිත් වැඩේ හරි යයි කියමින් හතුරාගේ කකුල කැඩීමේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි මුදල වූ රුපියල් පනස්දහස ලබාදුන්නේ ඔහුට මුව නොසෑහෙන සේ ස්තූති කරමිනි. මචං අරූ කකුල තුන් පලකින් වෙලාගෙන කිහිලිකරුවෙන් දැන් යනවා. උඹ හොඳට වැඩේ කරලා තියෙනවා යයි කියමින් මිතුරා යන්න ගියේය.
තමා ලබාගත් කකුල කැඩීමේ කොන්ත්‍රාත් මුදලින් රුපියල් දස දහසක් කකුල කැඩීමට යෝජිත අයට ඔහු ලබාදී ඇත්තේ ඔහුගේ කකුලේ තැන් තුනකින් වෙළාගෙන දින කිහිපයක් යන තුරු කිහිලිකරුවෙන් යන ලෙසත් තමා දැනුම් දෙන තුරු ඒ කාර්යය කරන ලෙසත් දැනුම් දුන් බව ඔහු සිය මිතුරන්ට කීවේ තමාගත් අලු‍ත් කොන්ත්‍රාත්තුවෙන් ලබාගත් මුදලින් පිරිස සමග ඇඟ රත්කර ගනිමින් සිටියදී දොඩම‍ළු වෙමිනි.



අදහස් (0)

හතුරාගේ කකුල කඩන්න සල්ලි අරන් මිතුරා අන්දවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16960 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 672 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site