දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි පොලිස් ස්ථානයකි. එහි පැමිණිලි අංශයට පැමිණි මැදිවියේ කාන්තාවක් සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සුදානම් වත්ම එතැනට පැමිණියේ යුරෝපීය ඇඳුමින් මැදිවියේ වූවකු - සහ නවීන විලාසිතා ඇඳුමින් සැරසුණු තරුණ යුවතියකි.

පෙර කී කාන්තාව පැමිණිලි කළේ තමා දෙදරු මවක බවත් දැන් මෙහි පැමිණි තම ස්වාමි පුරුෂයා ඔහුත් සමඟ ආ එම කාර්යාලයේම තරුණිය සමග සම්බන්ධතා පවත්වන හෙයින් ඔහුගෙන් දික්කසාද විය යුතු බවත්ය.
“අනේ ඒක බෑ රාලහාමි මට එයත් ඕනා. මෙයත් ඕන මට දෙන්නම ඕනෑ” කීවේ ආවේගාත්මකව ඉකි ගසමිනි. පොලිස් නිලධාරියා ඔහු දෙස බැලුවේ විමතියෙනි.
“මෙයා මගේ විවාහක බිරිඳ මෙයාට රසට උයන්න පුළුවන්” බිරිඳ පෙන්වා කී ඔහු තරුණිය පෙන්වා මෙයාට උයන්න බැරි වුනාට මට පණ වගේ ආදරෙයි” කීවේය.
මේ බහුබූත ගැටලුව විසඳීමට බැරි තැන පොලිස් නිලධාරයා ඔවුහු පොලිස් ස්ථානාධිපති වෙත යොමු කරනු ලැබූහ.
ඔහු ඉකි ගසමින් එතැනදීද කිවේ දෙදෙනාම ඕනෑ බවකි.“ මේ උන්නැහේ තමුන්ට බතට එකයි හිතට එකයි. දෙකක් බෑ. මේ කසාද පවුලත් එක්ක සමඟියෙන් ඉන්නවා, තරුණ ජීවිත අතර මං කරන් නැතිව”ස්ථානාධිපති කීවෙන් දිරිඝ සාකච්ඡාවකින් පසු විවාහක බිරිඳ හා එක්ව විසීමට කැමැත්ත පළ කළේ තරුණ හිතවතිය කඳුළු සලමින් සිටියදීලු.
(තිහගොඩ උපසේන ලියනගම)
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
857
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
හිතට එකයි බතට එකයි ගෑනු දෙන්නෙක් ඕනෑවෙලා