IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හැට හතේ මනමාලි අනියම් සැමියාට පොල්ලක් තියා පොලිසි ගිහින්

(වාරණ - ආනන්ද ඉ. ජයකොඩි සහ මීරිගම - පුෂ්පකුමාර මල්ලවාරච්චි) 
නිවසේ තනිව සිටින හැට හත් හැවිරිදි සිව් දරු මවක් හතළිස් එක් හැවිරිදි එක් දරු පියෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඔහුගෙන් රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් ණයට ලබා ගෙන තිබියදී අනියම් පූරුෂයා  සුපුරුදූු පරිදි මහ රෑ අනියම් ඇසුර පැවැත්වීමට පැමිණ එම ණය මුදලද ඉල්ලා සිටි අවස්ථාවේ වහා දිව ගොස් තමා නිදාගෙන සිටියදී නාඳුනන පුද්ගලයකු නිවසට කඩාවැදී තමාට අතවර කොට රන් කරාබු ජෝඩුවක් හා රන් දම්වැලක් ද පැහැර ගෙන ගිය බවට බොරු පැමිණිල්ලක් කීරීමේ සිද්ධියක් පොලිසියෙන් වාර්තාවිය.


පොලිස් පරීක්ෂණයේදී අනාවරණය වූ සිද්ධිය මෙසේය.


හැට හත් හැවිරිදි සිව් දරු මවක් එම ප්‍රදේශයේම පදිංචි හතළිස් එක්  හැවිරිදි එක් දරු පියකු සමග කාලයක් තිස්සේ අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබිණි.


ඇයගේ උස් මහත්වූ දරුවන් විවාහවී වෙනම වාසය කරන  හෙයින් කාන්තාව පමණක් නිවසේ තනිවම පදිංචිව සිටියාය.


කාන්තාව තම අනියම් පුරුෂයා සමඟ නිතර මුදල් ගනු දෙනු කර ඇති අතර ඉකුත් දිනෙක ඔහුගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ණයට ඉල්ලා ගෙන තිබුණි.


මේ අතර අනියම් පුරුෂයා සුපුරුදු පරිදි ඉකුත් දිනෙක රාත්‍රී ඇයගේ නිවසට පැමිණ අනියම් ඇසූරද පවත්වා ණය මුදල ඉල්ලූ අවස්ථාවේ බහින් බස් වීමක් දෙදෙනා අතර ඇතිවී කාන්තාව පොලීසියට දිව ගොස් අසත්‍ය පැමිණිල්ලක් කර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.


මහ රෑ නිදාගෙන සිටියදී නාඳුනන පුද්ගලයෙකු නිවසට කඩාවැදී බලහත්කාරයෙන් අතවර කොට ගෙල බැඳ තිබූ රන් මාලයත් කණේ තිබූ රන් කරාබු ජෝඩුවත් ගලවා පැන ගිය බව  එම පැමිණිල්ලේ සඳහන් කොට තිබිණි.



අදහස් (0)

හැට හතේ මනමාලි අනියම් සැමියාට පොල්ලක් තියා පොලිසි ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 895 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site