පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර
වියපත් ආරක්ෂක නිලධාරියා වෙනුවට තරුණ නිලධාරියකු ලබාදෙන ලෙස ඉල්ලූ විට වියපත් නිලධාරියා පැසුණු හිසකෙස් කළු කොට නැවත සේවය සඳහා පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවේ.
මහනුවර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කිරීම සඳහා පුද්ගලික සමාගමකින් ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය ලබාගෙන ඇත. එහි එක් ස්ථානයක සේවය කළ ආරක්ෂක නිලධාරියකු වියපත් බැවින් ඔහු වෙනුවට වෙනත් නිලධාරියකු ලබාදෙන ලෙස ආරක්ෂක නිලධාරීන් සැපයූ පෞද්ගලික සමාගමෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීමෙන් දින කිහිපයකට පසු කර්මාන්තශාලාවේ වෙනත් ස්ථානයක හිසකෙස් කළු කොට ඇඳ ඇති කලිසම මේස් දෙකට යට කොට උපැස් යුවළක්ද පැළඳ අදාළ සේවකයා සේවය කරන අයුරු කර්මාන්තශාලාවේ හිමිකරු දැක ඇත.
ඒ අනුව කර්මාන්තශාලා හිමිකරු ආරක්ෂක නිලධාරීන් සැපයූ අදාළ පෞද්ගලික ආයතනයට කතාකොට තමන් රවටා වියපත් සේවකයා මොඩිෆයි කර එවා ඇති බවත් එවැනි ආයතනයකට කර්මාන්තශාලාවේ ආරක්ෂාව භාර දිය නොහැකි බැවින් පසුදා සිට සියලු ආරක්ෂක නිලධාරීන් ඉවත් කරගන්නා ලෙස ඉල්ලා ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හැට පැන්න සේවකයාට පැන්ෂන් යන්න කීවාම තරුණ වෙසින් වැඩට ඇවිත්
podiekaa Tuesday, 28 February 2023 03:14 PM
කොන්ඩේ පාටකරගෙන ඇවිත් හිටියලු .. ඒත් කලිසමේ කණපිට ඇඳගෙන හටිය නිසා ආපහු හරවලා අංගොඩ මානසික රෝහලට යැව්වලු .