IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


සොරාගත් මාලය ගෑනු ගැටයෙන් එළියට

අසල්වැසි කාන්තාවක් විසින් සොරා ගන්නා ලද සිය රන්මාලය පොලිසියට නොගොස් උපක්‍රමයකින් ලබාගත්  කාන්තාවක පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තාවේ.
පාසල් යන සිය වැඩිමහල් දරුවාගේ පාසලට පැමිණෙන ලෙස කරනු ලැබූ දැනුම් දීමකට අනුව හොඳින් හැඳ පැලඳ ගෙන කුඩා දරුවකුද වඩාගෙන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් වෙත යමින් සිටින කාන්තාවකට මගදී එම පාසලටම යන අසල්වැසි කාන්තාවක් ද හමුවිය. එම හමුවෙන් මහත් සතුටට පත් ඔවුන් දෙදෙනා එතැන් සිට එකතුව ගමන් කරන්නට වූහ.
ඔවුහු පාසලට ගොස් කැඳවීම ලැබෙන තෙක් අදාළ අසුන්වල වාඩිවී සිටියහ. ඒ අවස්ථාවේ දරුවා සමග පැමිණි කාන්තාවගේ ගෙලබැඳි රන්මාලය දුටු අසල්වැසි කාන්තාව, මාල කඩාගෙන  යන සොරුන් පිරිසක් මේ ප්‍රදේශයේ සිටින බවත් ඊයේ දිනයේ ද කාන්තාවකගේ මාලයක් කඩාගෙන ගොස් ඇතැයි පැවසුවාය. ‘‘අනේ අක්කෙ මං එහෙම දැනන් හිටියේ නෑ. දරුවගෙ ඉස්කොලට හොඳට එන්න ඕන නිසා මේක දාගෙන ආවා’’ යැයි කියමින් මාලය ගලවා සිය අත්බෑගයට දාගත්තාය. අත්සන් ලබා ගැනීමක් සඳහා පාසලට මවුපියන් කැඳවා තිබූ අතර දරුවා වඩාගෙන පමිණි කාන්තාවගේ අවස්ථාව පැමිණි විට ඇය දරුවා සහ බෑගය අර කාන්තාව අතටදී අත්සන් තැබීමට ගියාය.


එදින සවස එම කාන්තාව මාලය අල්මාරියේ තැබීම සඳහා බෑගය විවෘත කර බැලීමේදී මාලය එහි නොවීය. බිම වැටීමක් කිසිසේත්ම සිදුවිය නොහැකි බැවින් අනිවාර්යයෙන්ම අසල්වැසි කාන්තාව  එය ගන්නට ඇතැයි ඇය සැක කළාය.
සවස සිය සැමියා  පැමිණි විට ඇය සිද්ධිය ඔහුට සැලකළාය. අනිවාර්යයෙන්ම අදාළ කාන්තාව විසින් මාලය ගන්නට ඇතැයි කී ඔහු ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීම හොඳම විසඳුම යැයි පැවසුවේය. ‘‘නෑ පොලීසි යන්නේ නැතුව ඕක බේරගන්න ක්‍රමයක් මං දන්නවා අපි හෙට වෙනකම් ඉවසමු’’ යැයි ඇය කීවාය. උදෑසනම සැමියා රැකියාවට පිටත්ව ගිය පසු ඇය දරුවාත් වඩාගෙන අසල්වැසි කාන්තාවගේ නිවසට ගියාය. ඒ අවස්ථාවේ එම කාන්තාව මිදුල අතුගාමින් සිටියාය. ‘‘අනේ අක්කෙ ඊයේ හරි වැඩේනෙ වෙලා තියෙන්නේ. මං මාලේ ගලවල වැරදිල දාල තියෙන්නේ අක්කගෙ බෑග් එකටනේ. බලන්න අක්කේ ඒක ඔයාගේ බෑග් එකේ ඇති.’’ යැයි කීවාය.
කර කියා ගන්න දෙයක් නැතිවූ එම කාන්තාව ඉදල අතහැර ගෙට රිංගන විටම අර කාන්තාව ද ඇගේ පස්සෙන් ගෙට ගියාය. ගෙට ගිය කාන්තාව අල්මාරිය ඇර ප්ලාස්ටික් කප් එකක දමා තිබූ මාලය අරගෙන ‘‘ අනේ නංගියේ මං මේ  ගෙදර වැඩටික ඉවර කරල මේක දෙන්න ඒ පැත්තට එන්න හිටියේ’’ කියමින් ඇය අත තැබීය. සවස ඇගේ සැමියා පැමිණි විට සිද්ධිය සැල කරමින් ඔහුට මාලය  පෙන්නූ ඇය ‘‘කෝමද මගේ ටිකිරි මොළේ’’ යැයි කියමින් හඬ ගා සිනාසුනාය.  

පෝද්දල -  සරත් ආනන්ද ගමගේ



අදහස් (0)

සොරාගත් මාලය ගෑනු ගැටයෙන් එළියට

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

“පතුරම්’’ බීඩියට බය වී කඩෙත් වසා ගිහින්
2024 ජුලි මස 12 750 0

බිරියගේ අතට හිතවතකු ගෙන දුන් පතුරම් පාර්සලයක් පොලීසියට අසු නොවන්නට බිරිය කඩේ වසා දමා සැමියාට ආරක්ෂාව ‘සපයන්නට‘ ඇය එතැනින් නික්ම ගිය පුවතක් බඩගමුව අව


ණය පොල්ලට “චූටි කෝටුවක්’’ ගහන්න ගිහින් කොසු පාර කාලා
2024 ජුලි මස 11 886 0

පොල්ලක් වෙනුවට ‘‘චූටි කෝටුවක්”‍ ඔබන්න උත්සාහ කළ කපටි තැනැත්තකුට බඩ කට පිරෙන්න එල්ල කළ දෝස් මුරයක් නිසා හදිසියකට කඩේකටවත් ගොඩ වෙන්නට තහනම් වූ සිද්ධිය


ආරුක්කුවෙන් මල්වැලත් අම්මාත් නැතිකරගෙන
2024 ජුලි මස 10 912 0

අම්මාගේ කීමට පිටුපා බිරිඳගේ මල්වැලට රුපියල් විසිදහසක ආරුක්කුවක් ඉදිකරදුන් පුද්ගලයකුට මල්වැලත් අහිමිවී අම්මාත් අමනාපවී නිවසින් ගිය පුවතක් ගැන දකුණ


ගුරුකම් කරන්න ගිහින් බඩ කට පුරා ගුටි කාලා
2024 ජුලි මස 09 998 0

නොදන්නා ගුරුකම් කරන්න ගිය ආවතේවකරුවකුට, ගුරුකම් කිරීමට ගිය නිවැසියන්ගෙන් බඩ කට පුරා ගුටි කෑමට සිදු වූ පුවතක් දකුණු පළාතේ පිටිසර ගම්මානයකින් පසුගිය ද


ගොන් වස්සෙක් කොටු පැනලා: ගෝරිය පොලිසියට
2024 ජුලි මස 08 962 2

අල්ලපු වත්තේ ගොන් වස්සා තමාගේ වත්තට පැන තමන් ඇති කරන කිරි එළදෙන ලිංගික අපයෝජනයට ලක් කළේයැයි පොලීසියට පැමිණිලි කළ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.


පොලිසිය කියා පී.එච්.අයි ට රැවටී චූන් පාන් මල්ලි අඩු කඩා ගෙන
2024 ජුලි මස 05 1002 0

පොලිසිය කියා සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට රැවටී ඔහු මග හරින්නට රේස් ගොස් අත පය කඩාගත් චූන් පාන් විකුණන තරුණයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 7 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 906 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1787 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site