IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සොහොයුරාගේ බැංකු ගිණුමෙන් සල්ලි ගන්න හොර අස්සන ගහලා

(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
සිය සොහොයුරාගේ බැංකු පොත හා ජාතික හැඳුනුම්පත පන්නාගෙන මුඛ ආවරණයක් පැලඳ එම බැංකු පොතෙන් මුදල් ගැනීමට ගිය අයකු මාට්ටු වී අලි ජංජාලයක් වූ පුවතක් දකුණෙන් වාර්තා වේ.


හේ තදින්ම මත්කුඩුවලට ඇබ්බැහි වූ අයෙකි. ඔහුට ආයතනයක සේවය කරන සොහොයුරෙක් ද වෙයි. ඔහු රැකියාවෙන් උපයා සපයා ගන්නා මුදලින් කොටසක් බැංකුගත කර තිබුණේ ඔහුගේ යහපත සඳහාය. මේ බව මත්කුඩුවලට ඇබ්බැහි වූ සොහොයුරා ද කාලයක පටන් දැනගෙන සිටියේය.


මත්කුඩු සඳහා ඔහුට දිනපතාම පාහේ මුදල් අවශ්‍ය විය. ඔහු නොයෙක් විදියට ඒ සඳහා මුදල් උපයා ගත්තේය. කොරෝනා මර්දන නීතිය හමුවේ මේ දිනවල ඔහුට තමාගේ පුරුද්දට අවශ්‍ය මුදල් සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක්ව පැවැතියේය.


මේ නිසාම ඔහු සිය සොහොයුරාගේ බැංකු පොත පන්නා එයින් මුදල් ගැනීමට සිතුවේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු ඔහු සම්පාදනය කළේය. සොහොයුරාගේ බැංකු පොත පමණක් නොව ඔහුගේ ජාතික හැඳුනුම්පත ද පැන්නුවේය. සොහොයුරාට කොරෝනා මර්දන නීති අනුව ආයතනයෙන් දින කිහිපයක් නිවාඩු ලබා දී තිබීමත් සොහොයුරාගේ රූපය සමානවීමත් මේ සඳහා ඔහු පාදක කරගත්තේය. 


සිය සොහොයුරාගේ අත්සන පිළිබඳ දැනීමක් ඔහුට තිබීම මේ උපාය ක්‍රියාත්මක කිරීමට ඔහුට තවත් වාසියක් විය. මේ සියල්ල කරපින්නාගෙන ඔහු අදාළ බැංකු ශාඛාවට මුඛ ආවරණයක් පැලඳ ගියේ සිය සොහොයුරාගේ බැංකු පොතත්, ඔහුගේ ජාතික හැඳුනුම්පතත් ගෙනය.


බැංකුවට ගිය ඔහු ගැනීමට අවශ්‍ය මුදල සඳහන් කොට ඒ සඳහා වූ පෝරමය පුරවා දුන් පසු, සිය සොහොයුරාගේ බැංකු නිලධාරියා මුදල් ආපසු ගැනීම සඳහා වූ පෝරමයේ අත්සන පරීක්‍ෂා කිරීමට යන්ත්‍රයකට දැම්මේය.


එහි වූ අත්සන හා පෝරමයේ අත්සන වෙනස් වූ බැවින් මුදල් ගැනීමට යළි පෝරමයක් පුරවන ලෙසට ඔහුට බැංකුවෙන් උපදෙස් ලැබුණේය. එහිදී ද අත්සනේ වූ වෙනස නිසා බැංකුවට ඇති වූ සැකය මත ඔහුගේ මුඛ ආවරණය ගලවා හැඳුනුම්පතේ හා ඔහුගේ රූපය පරීක්‍ෂා කිරීමට ගිය අවස්ථාවේදී ඔහු බැංකුවෙන් මිදී පලාගොස් ඇත්තේ එහි සිටි මිනිසුන් ද පෙරළගෙනය.



අදහස් (0)

සොහොයුරාගේ බැංකු ගිණුමෙන් සල්ලි ගන්න හොර අස්සන ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site