(බුලත්කොහුපිටිය - රවීන්ද්‍ර වෙලගෙදර)
ආපදා සහන ලබා ගැනීමේ අරමුණ ඇතිව තම නිවසේ බාගෙට පුපුරා තිබු බිත්තියකට යකඩයකින් ඇන එම බිත්තියේ පිපුරුම විශාල කළ අයකුගේ නිවෙස පරීක්ෂා කිරීමට ගිය ග්‍රාම නිලධාරීවරයාට අතටම අසුවීමේ සිදුවීමක් කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ආපදාවට ලක්වූ ගම්මානයකින් වාර්තා විය. සිද්ධිය සැකවින් මෙසේය. වැස්සත් සමග ප්‍රදේශ රැසක නාය ගියේය. තවත් ගම්මාන රැසක් ආපදා අවදානමකට ලක් විය. ඇතැම් ප්‍රදේශවල පොළව ගිලා බැස නිවාස පුපුරා ඉරිතලා තිබෙනු දක්නට ලැබුණි. සිද්ධිය වු නිවසේ හිමිකරු ගුරුවරයෙකි. තමන්ගේ නිවෙස ද මේ වන විට පුපුරා යාමට පටන් ගෙන ඇති බව හෙතෙම තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දුන්නේය. පසුව වසමට අයත් ග්‍රාම නිලධාරීවරයා නිවසට පැමිණ ගුරුවරයාගේ නිවෙස පරීක්ෂා කර බැලීය.
මෙය පරණ සාමාන්‍ය පිපිරීමක්. ඒ නිසා භය නැතිව ඉන්න යැයි පවසා ග්‍රාම නිලධාරීවරයා එම නිවෙසින් පිටව ගියේය. නමුත් ගමේ අනිත් පිරිසට ආධාර ලැබෙනවා දුටු මෙම ගුරුවරයාට ද ආසාවක් ඇති විය. මට විතරයි ආධාර නැත්තේ. දෙන්නම් වැඩක් යැයි කියමින් නිවසේ තිබූ යකඩ ඉන්න රැගෙන බාගෙට පුපුරා තිබූ බිත්තියෙ පුපුරුම විශාල කළේය. පසුව ග්‍රාම නිලධාරීවරයාට නැවතත් පැමිණිලි කළේ තමන්ගේ නිවෙස එන්න එන්නම පිපිරීමේ අවදානම වැඩි වී ඇති බව කියමිනි. ග්‍රාම නිලධාරීවරයා නැවතත් නිවෙසට පැමිණ එම බිත්තිය හොඳින් පරීක්ෂා කර බැලීය.
ආයුධයකින් මෙම බිත්තිය ඈත් කර ඇති බවට ග්‍රාම නිලධාරීවරයාට දැක ගන්නට ලැබිණි. පසුව ඒ පිළිබඳව ග්‍රාම නිලධාරීවරයා නිවෙස් හිමියාගෙන් විමසූ විට හෙතෙම කරබාගෙන හිටියේ තමන් ඒ වැඬේ කළ බවට අනුමත කරමිනි. සහනාධාර ගන්නට ගිහින් තමන්ගේ හොඳට තිබුණු නිවසේ බිත්තියකුත් කඩාගෙන යැයි ගමේ මිනිස්සු කියනවාලු.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සහන ගන්න බලාගෙන පරණ ගේ යකඩ ඉන්නෙන් හිල් කරලා
රවී Friday, 10 June 2016 05:52 AM
අනේ ඇත්තටම ගුරුවරයෙක්ද ඔය? (බ)
රුවන් Thursday, 09 June 2016 09:09 PM
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)