IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සහනාධාර මල්ලට කෑදර වී දෙගුණයක් පාඩු කරගෙන

(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
අනුන්ට දෙන කොරෝනා සහනාධාර මල්ලක් ගැනීමට කිලෝමීටර් හැට හැත්තෑවක් මෝටර් රථයෙන් යාම් ඊම් සිදුකොට ‍පාඩුවක් කරගත් අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.


නගරයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් කොරෝනා ඇඳිරි නීතිය නිසා ආදායම් මාර්ග ඇහිරුණු තෝරාගත් පිරිසකට බඩු මල්ලක් නොමිලයේ ලබා දුන්නේය. රුපියල් හය හත්දහසක වියළි ආහාර ද්‍රව්‍ය ඊට අයත් විය. මේ ද‌ානපතියාගේ සත්ක්‍රියාව කිලෝමීටර් විස්සක් පමණ දුරින් සිටින ඔහුට ද සැලවූයේය. ඔහුගේ මිතුරෙකුට ලැබුණු මේ බඩු මල්ල දුටු ඔහුට ද ඊට ආශාවක් උපන්නේය. එය තමාට ද ලබා ගත්තේනම් අගේ යයි සිතූ ඔහු මේ ව්‍යාපාරිකයා හමුවීමට ද ගියේ මෝටර් රථයෙනි. ඒ ගිය මෝටර් රථය මග දමාය. තමා අහිංසකයකු බවත් කොරෝනා ව්‍යසනය නිසා සියලු‍ ආදායම් මාර්ග ඇහිරී ඇති බවත් ඔහු කීවේ දෙනෙතින් ගලා හැලෙන කඳුළු කැට අතරිනි.


 ඔහුගේ අසරණ විලාසය දුටු ව්‍යාපාරිකයාට දුක සිතුණේය. ‘අපි බඩු මළු දුන්නේ තෝරගත් පිරිසකටයි. දැන් නම් බඩු මළු ඉවරයි. බලන්න ඔයා හෙට උදේ එන්න’ යයි ව්‍යාපාරිකයා කීවේය. කිලෝමීටර් විස්සක් පමණ දුර ගෙවා මෝටර් රථයෙන් ගිය ඔහු යළිත් නිවෙසට කිලෝමීටර් විස්සක් දුර ගෙවා ආවේ කිලෝමීටර් හතළිහක ගමන් දුරක් නිමා කරමින් ජයග්‍රාහී විලාසයෙනි. ගිය වැඩේ හරි ගියා යයි සිය භාර්යාවට වහසි බස් දොඩමින්ය. හෙට මම නොමිලයේ හය හත් දහසක් පමණ වටිනා බඩු මල්ලක් ගෙන එන බව කියමිනි.


මෝටර් රථය මග දමා ඔහු පසු දින ද ව්‍යාපාරිකයා හමුවීමට ගියේය. එසේ ගිය ඔහුට ලැබුණේ ඊට පෙර දින අයට දුන් බඩු මල්ල නොව පොඩි ෂොපින් බෑගයක දමා ගෙන යා හැකි බඩු ටිකකි. මුහුණ ඇඹුල් කරගෙන එය ගත් ඔහු තවත් කිලෝමීටර් තිහ හතළිහක් යාම් ඊම් කොට මේ බඩු මල්ල නිවෙසට ගෙන ගියේය. මේ බඩු මල්ල දුටු ඔහුගේ භාර්යාවට යකා නැග්ගාය. ඇයි මෝඩ මිනිහෝ තමුසේ ඔය බඩු ටික ගේන්න ගහපු තෙල්වලට වියදම් කළ මුදලින් ඒ වගේ දෙකක් ගන්න තිබුණා යයි ඇය කී විට ඔහු නිහඬව සිටියේ ඒ කාරණාව සත්‍යයක් බව වැටහුණු බැවිණි. කපටිකමෙන් හැමදාමත් ජීවත් විය නොහැකි බව ඔහුට සිතුණේ අනුන්ට ලැබෙන දේට ලෝභකම් කොට ඒවා ගැනීමට මීට පසු නොයමි යයි සිතමිනි.

 



අදහස් (0)

සහනාධාර මල්ලට කෑදර වී දෙගුණයක් පාඩු කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site