වියලුව වාර්තාකරු
අධ්‍යයන ව්‍යාපෘතියක් සඳහා ආදිවාසීන් ගිනි දල්වන අයුරු නිරීක්ෂණය කිරීමට ගිය ශිෂ්‍ය කණ්ඩායමකට, ආදිවාසියකු ලයිටරයක් භාවිතාකරමින් ගිනි දල්වා පෙන්නූ පුවතක් වාර්තාවිය.

සිද්ධිය මෙසේය.
මෙරට ප්‍රධාන පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක සිසු පිරිසකි.
පසුගිය දිනෙක ඔවුන් දඹාන ආදිවාසී ගම්මානය වෙත පැමිණියේ කිසියම් අධ්‍යයන ව්‍යාපෘතියක් යටතේ ආදිවාසීන්ගේ ගති සිරිත්, සංස්කෘතික අංග මෙන්ම ඔවුන්ගේ ජීවන රටාවන් අධ්‍යයනය කරන්නටය.
ගමනේ අතරමගදීම ආදිවාසියෙකු හිතවත් කරගත් ඔවුහු ඔහුගේ ආධාරය ඇතුව ආදිවාසී ජනතාවගේ සංස්කෘතිය ජීවන රටා මෙන්ම දෛනික දින චර්යාව පිළිබඳව ද සැලකිය යුතු අත්දැකීම් සම්භාරයක් ලබා ගත්හ. ඒවා තම කැමරා කාචවලද සලකුණු කර ගත්හ.
හබක ඇටවීම, කිරි කොරහ නැටීම, දඩයමේ යාම, ආදිවාසී කවි ගායනා කිරීම, දුන්නෙන් විදීම ආදී ක්‍රියාකාරකම් රැසක්ම ඊට ඇතුළත් විය.
ආදිවාසී සිරිත් විරිත් පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ එහි සිටි එක් තරුණියක් ආදිවාසී තරුණයෙකු අමතා ගිනි දල්වන අයුරු පෙන්වන්නැයි කාරුණික ඉල්ලීමක් කළේ සිය කැමරා කාචය ද සූදානම් කර ගනිමිනි.
තරුණියගේ ඉල්ලීමට අනුව සියලු_ දෙනාම බලාපොරොත්තුවෙන් සිටියේ ලී කැබලි දෙකක් අතුල්ලා පුළුන් ගුලියක් දල්වා ගිනි අවුළුවනතුරුය. එහෙත් සිදුවූයේ අනෙකකි. සිය ඉනේ ගසාගෙන සිටි රෝස පැහැති ලයිටරයක් පිටතට ගත් ආදිවාසී තරුණයා ක්ෂණයකින් ගිනි දල්වා පෙන්වූයේ ආදිවාසීන් ගැන හදාරන්නට පැමිණි සිසු පිරිස අන්දමන්ද කරමිනි.
සිසු පිරිස ඒ පිළිබඳව ආදිවාසී තරුණයාගෙන් විමසද්දී පැහැදිලි සිංහලෙන් ඔහු පවසා ඇත්තේ “පහසුවෙන් ගිනි දල්වා ගත හැකි ක්‍රම තිබියදී ලී කැබලි අතුල්ලා ගිනි අවුළුවන්නේ පිස්සුවට දැයි” යනුවෙනි.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිසු කණ්ඩායමකට අපූරු ආදිවාසී චාරිත්‍රයක් කියාදීලා