IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


සිසුවිය ගෙදරින් ගෙනෙන වතුර බෝතලය හොරෙන් බිව් සිසුන්ට පාඩමක්

පාසලේදී පානය කිරීමට ගෙදරින් ගෙනෙන වතුර බෝතලය හොරෙන් පානය කරන පිරිමි ළමයින්ට අපූරු දඬුවමක් දුන් ශිෂ්‍යාවක් ගැන ගාල්ල දිස්ත්‍රික්කයේ පාසලකින් දැනගන්නට තිබේ.


 මෙම ශිෂ්‍යාව පාසල් කාලය තුළදී පානය කිරීමට ගෙදරින් වතුර බෝතලයක් ගෙන ඒම පුරුද්දක්  කරගෙන සිටියාය. ඇය පාසලේ තිබෙන වතුර හෝ වෙනත් යෙහෙළියන්ගේ වතුර පානය කිරීමට කැමැත්තක් නොදක්වන්නීය. එමෙන්ම තමන් ගෙනෙන වතුර බෝතලය වෙනත් අයට පානය කිරීමට දීමට ඇය අකමැතිය.


 මේ බව නිරීක්‍ෂණය කළ පිරිමි ළමයින් කිහිප දෙනෙක් මැයගේ වතුර බෝතලය හොර රහසේ පානය කිරීම පුරුද්දක් කර ගත්හ.  පළමු දින බෝතලයේ වතුර නැතිවීම ගැන වැඩි තැකීමක් ඇය නොදැක්වූවාය. එහෙත් දිනපතාම පුරුද්දකට මෙන් පිරිමි ළමයින් වතුර පානය කිරීම හේතුවෙන් මෙම ශිෂ්‍යාවට පාසල් කාලය තුළදී වතුර නොබී සිටීමට සිදුවිය.


මහත් වදයක් වූ මෙම සිද්ධිය ගෙදර ගිය විටදි මිත්තනියට කියා සිටියේ උපදේශයක් ලබාගැනීමටය. කදිම අදහසක් දුන් ඇය වතුර බෝතලයට මිරිස් කුඩු සහ ලුණු දමා ඉතිරියට වතුර පුරවාගෙන යන ලෙස කියා දුන්නාය. මිත්තනිය විසින්ම මිණිබිරියගේ වතුර බෝතලය සකස් කර දුන්නේ හොඳ පාඩමක් උගන්වන බවට සිතමිනි.


සුපුරුදු පරිදි පිරිමි ළමයින් කණ්ඩායම ශිෂ්‍යාව පංතියෙන් ඉවත්වන තෙක් බලා සිට වතුර බෝතලය කටේ තබාගෙන එක හුස්මට ඉවර කර දැමූහ. ගත වුයේ සුළු මොහොතකි. වතුර  පානය කළ සිසුවාගේ බඩ කට දැවිල්ල අල්ලා ඉවසා ගත නොහැකිව කෑගසන්නට වූහ.


 සිසුන් වේදනාවෙන් කෑගසද්දී ඒ බව විදුහල්පතිවරයාටද දැනගන්නට ලැබිණි. සිසුවෙක් කැඳවා ප්‍රශ්න කිරීමේදී ශිෂ්‍යාවගේ වතුර බෝතලය පානය කිරීමෙන් පසු වේදනාව ඇතිවූ බව කියා සිටියේය.


 අදාළ ශිෂ්‍යාවද කැඳවා වතුර බෝතලයේ වේදනාව ඇතිවීමට හේතු මොනවාදැයි විමසූ විට මිත්තනිය වතුර  බෝතලයට මිරිස් කුඩු දමා සකස් කර දුන් බව කීවාය. තමාගේ වතුර බෝතලය රැකගැනීමට මෙසේ කළ බවත් ඇය කියා සිටියාය.


ශිෂ්‍යාව ගෙනෙන වතුර බෝතලය හොරෙන් බොන අයට හොඳ පාඩමක් වුවත් පානය කරන දෙයකට අනවශ්‍ය දෑ මිශ්‍ර කිරීම යහපත් ගති ගුණයක් නොවන බවත් කියමින් අවවාද කළේය. එමෙන්ම ඉදිරියේදි වෙනත් අයගේ වතුර බෝතල් හොර රහසේ නොබොන ලෙසත් තමාටත් වතුර අවශ්‍ය නම් ගෙදරින් ගෙනෙන ලෙසත් දන්වමින් දෙපැත්තට තරයේ අවවාද කළේය. 

(බලපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා)



අදහස් (0)

සිසුවිය ගෙදරින් ගෙනෙන වතුර බෝතලය හොරෙන් බිව් සිසුන්ට පාඩමක්

සේරම් Monday, 13 February 2017 07:40 AM

නියම දඬුවම (බ)

:       0       0

ජනහිත Saturday, 11 February 2017 04:52 AM

මේ වැඩ නම් හොඳ නැහැ. ආච්චි නම් වයස ගැන හිතලා කටයුතු කරන එක්කෙනෙක් නොවෙයි වගේ පෙනෙන්නේ. කුඩා දරුවන් නොමඟ යැවීම අපරාධයක්. කරන්න තිබුනේ ඒ ළමයින්ට වෙනම වතුර බෝතලයක් ගෙනිහින් දීලා කියන්න මිටපස්සේ තමන්ගේ වතුර බෝතලය බොන්න එපා කියලා. (නි)

:       0       0

ප්‍රියා Saturday, 11 February 2017 06:56 AM

අනේ මෙහෙමත් ආච්චිලා? හතර පෝයට සිල් ගන්නවා නේද මුන්දලා? (නි)

:       0       0

නලින් Monday, 13 February 2017 10:55 AM

කාටද මිරිස් දාපු වතුර බොන්න පුළුවන්? උගුරු දෙකක් බීල බලන්න. (ර)

:       0       0

ජගත් Sunday, 12 February 2017 03:52 PM

නියම දඞුවම දඩබ්බර කොලු රෑනට. (නි)

:       0       0

තුෂාරී සෙනෙවිරත්න Saturday, 11 February 2017 10:10 AM

පිරිසිදු වතුර බෝතලයකට පාටක් නැහැ. එය ඕනෑම කෙනෙකුට පෙනෙන දෙයක්. ඕවා ඉතින් කොල්ලෝ කොලුකමට කරන දේවල්නේ.... වැඩිහිටියෙක් ලවා කොල්ලන්ට අවවාදයක් කරන්න තිබුනා. දඬුවම දරුණු වැඩිද මන්දා...? (නි)

:       0       0

සිසිර කුමාර Monday, 13 February 2017 03:18 PM

පාසල් කාලයදී හොර වැඩ කරන්න විනොදයට මේ ළමය වැරදි (ර)

:       0       0

ප්‍රීති Sunday, 12 February 2017 10:19 PM

මගේ අම්මෝ!! මෙහෙමත් දරුණු ආච්චිලාද ඔය දකුණු පළාතේ ඉන්නේ? එහෙනම්, ඒක තමයි අපේ ආච්චිලා අපිට ඒ දවස් වල කියලා තියෙන්නේ, බේරෙ වැවෙන් මෙහාට ඔය පළාතේ බළල් පැටියෙක්වත් ගෙනෙන්න එපා කියලා. (නි)

:       40       0

ගාමිණී Tuesday, 14 February 2017 06:54 AM

මොනවා වුණත් වැඩේ හොඳයි. මොන විහිලුව වුණත් හැමදාම කරන්න හොඳ නැහැ (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සීෂෙල්ස් Monday, 13 February 2017 01:33 AM

තුෂාරි, ඕනෑතරම් බෝතල් තියෙන්නේ විනිවිද නොපෙනෙන? (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සීෂෙල්ස් Monday, 13 February 2017 01:39 AM

පාවිච්චි කර ඉවතදාන බැලුමක් වගේ නමක් තියන කෙනා බයවෙලා. බයටම සීමාවත් අමතකවෙලා. බළලා පැටව් බේරෙන තැන්වලින් නොගෙනාවට ඕනෑතරම් පාරවල් තියනවා ඔය කියන සීමාව‍ෙ. දකුණේ වුණත් ආච්චිලටත් සීමාවක් තියනවා ඉවසීමේ...! හැමදාම කරදරේ මදිවට දරුවට පිපාසෙ... මිරිස්කුඩු නම් සැර වැඩියි. එ්ත් වසවිස නොදාපු එකට සතුටු වෙන්න බලන්න. (නි)

:       0       15

ප්‍රියන්ත, ශ්‍රීලංකාව Monday, 13 February 2017 02:43 AM

මම නම් ගම්මිරිස් දාලා යවන්නේ. වසක් විසක් නොවෙයි නම් මොනවා දැම්මහම මොකද? අනික මිරිස් සැර නොදැනි බෝතලයම බොන්න මේ ළමයි ගෙවල් වලදී බොන්නේ ඉඳුල් වතුරද (නි)

:       0       0

එච්.ඒ.කේ චන්ද්‍රලාල් Sunday, 12 February 2017 06:00 AM

අන් අයට පීඩා කිරීම එතරම් හොඳ නැත. අන් අයගේ ප්‍රතිපත්ති වලට ගරු කළ යුතුයි. මිත්තනිය ආදර්ශමත් වියයුතුයි. අහිංසක විහිළු කිරිමට වගබලා ගත යුතු අතර වතුර බිව්වාට වරදක්ද කීමට බැරිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1342 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site