IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිසුවියගේ ප්‍රේම ජාලය ටවුම මැද ගුටි කෙළියක

කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න
ප්‍රේම සම්බන්ධතාවක් මුල්කරගෙන එක කෙල්ලක වෙනුවෙන් කොල්ලන් තුන් දෙනකු කෑගල්ල ප්‍රදේශයේ නගරයක දී ගුටි බැට හුවමාරු කර ගැනීමේ සිද්ධියක් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
ඇය මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට දෙවැනි වරට පෙනී සිටීමට නියමිතව සිටින කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක පදිංචි 20 හැවිරිදි සිසුවියකි. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින මෙම සිසුවිය කෑගල්ල ප්‍රදේශයේ තරුණයන් තිදෙනකු සමග ප්‍රේම සම්බන්ධතා පවත්වා ගෙන ගියේ එකිනෙකාට හොර රහසේය.
එක තරුණයෙක් යුද හමුදා සෙබළෙකි. තව තරුණයෙක් කොළඹ සමාගමක කෑගල්ල දිස්ත්‍රික්කයේ අලෙවි ප්‍රවර්ධනකරුවෙකි. සෙසු තරුණයා විශ්වවිද්‍යාල සිසුවෙකි. සිසුවිය තරුණයන් තිදෙනාම වෙන වෙනම ඇසුරු කළාය.
මීට මාසයකට පමණ ඉහතදී සිසුවිය යුද හමුදා පෙම්වතාට යැයි සිතා යැවූ කෙටි පණිවුඩයක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ දුරකතන අංකයට යැවුණේ අත් වැරදීමකිනි. කෑගල්ල දිස්ත්‍රික්කයේ අලෙවි ප්‍රවර්ධන පෙම්වතාට යැවිය යුතු කෙටි පණිවුඩය ද යුද හමුදා පෙම්වතාගේ දුරකතනයට යැවුණි.
පසුව තරුණයන් තිදෙනාට වැටහී ඇත්තේ තම පෙම්වතියට තවත් පෙම්වතුන් කිහිප දෙනකු සිටින බවය. ඒ බව මීට සති දෙකකට පමණ ඉහතදී තරුණයෝ තිදෙනා පෙම්වතියගෙන් ද විමසීමක් කළහ. එහිදී සිසුවිය පෙම්වතුන් තිදෙනා එල්ල කර ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළාය.


ඉකුත් දිනක දී යුද හමුදා සෙබළා දින කිහිපයක් නිවාඩු ලබා නිවෙසට පැමිණියේය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ද නිවෙසට පැමිණ සිටියේ දින කිහිපයක් ලැබුණු නිවාඩුවටය. ගෙවල්වලට පැමිණ සිටි පෙම්වතුන් දෙදෙනාට එකම දිනක දී වේලාවන් දෙකක දී නගරයේදී එක් තැනක දී හමුවීමට තරුණිය වේලාවන් දෙකක් දුන්නාය. ඒ දහවල් 12 ට යුද හමුදා පෙම්වතාට ද සවස 2.00ට විශ්වවිද්‍යාල පෙම්වතාටය.
දහවල් 12 ට යුද හමුදා පෙම්වතාට වේලාව වෙන් කර තිබුණ ද ඔහු පැමිණියේ පැයක් පසු කර සවස 1.00ටය. සවස 1.00 ට පැමිණි යුද හමුදා පෙම්වතා පෙම්වතියගේ දුරකතන අංකයට ඇමතුම් කිහිපයක් ගත්ත ද කිසිම ප්‍රතිචාරක් දක්වා නොමැත. පසුව යුද හමුදා සෙබළා තරුණිය හමු වීමට හැකි බව කියා තිබුණු ගුරු පාර දිගේ ගමන් කරමින් සිටියදී පෙම්වතිය තරුණයකු සමග දොඩමළුවෙමින් සිටින අයුරු නෙත ගැටුණේය.
හමුදා සෙබළා ඔවුන් දෙදෙනා අසලට ගිය අවස්ථාවේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයා හමුදා සෙබළාට තමුන් කවුද... ඇයි මෙතනට ආවේ... යැයි විමසුවේය. පසුව තරුණයන් දෙදෙනා අතර ඇතිවීයේ උණුසුම් වචන හුවමාරුවකි. තරුණයන් දෙදෙනා බේරීමට තරුණිය කෑ ගසමින් මැදට පැන්නාය.
අසල පිහිටි වෙළෙඳසල් කිහිපයක සිටි තරුණ පිරිසක් ද එතැනට රොක් වූහ. මේ අපේ අලෙවි ප්‍රවර්ධන කොල්ලාගේ කෙල්ල නේද මේ අඬ අඬ ඉන්නේ...? යැයි තරුණ වෙළෙන්දෙක් අලෙවි ප්‍රවර්ධන තරුණයාට සිද්ධිය සම්බන්ධයෙන් දුරකතන ඇමතුමක් දුන්නේය.
පසුව අලෙවි ප්‍රවර්ධන තරුණයා ද පැමිණ තිදෙනා අතර වචන හුවමාරුව පසුව ගුටි බැට හුවමාරුවක් දක්වා දික් ගැසුණි. තරුණිය හෙමින් සැරේ එතනින් මාරු වී ගියා‍ය. පසුව තරුණයෝ තිදෙනා සන්සුන් වී සිදු වූ ගැටලු‍ව සම්බන්ධයෙන් එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගත්හ. එහිදී ඔවුන් තිදෙනාට වැටහී ඇත්තේ තරුණිය හොර රහසේ තිදෙනාටම පෙම් කර ඇති බවය. කරුණු වටහාගෙන ඇති තරුණයෝ තිදෙනා පසුව අතට අත දී යළි දවසක හමු වෙමු යැයි පවසා පිටව ගියහ.

 



අදහස් (2)

සිසුවියගේ ප්‍රේම ජාලය ටවුම මැද ගුටි කෙළියක

fairoos Thursday, 28 December 2023 01:32 PM

එහෙනම් කෙල්ලට ළඟදීම සම්බුව හම්බවෙයි...

:       0       18

Pweerasinghe Saturday, 30 December 2023 07:59 AM

කෙල්ල ඇඳගෙන නාලා තියෙන්නේ. ඕවා තමයි මරණයට අත වනන්නේ...?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site