IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිසුවාගේ ප්‍රාර්ථනා කතාවට අලුත් ගුරුතුමීට තරු පෙනිලා

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
උපාධි ගුරු පත්වීමක් ලැබ ප්‍රාථමික පාසලක වැඩ බාරගත් ගුරු මහත්මියකට රාජකාරි සඳහා පාසල වෙත ගිය දෙවන දිනයේම 4 ශ්‍රේණියේ එක්තරා කටකාර සිසුවකු කළ ප්‍රකාශයක් හමුවේ කිසිවක් නොකියා මුණිවත රැකීමට සිදුවූ රසවත් පුවතකි මේ.


වාර්තා වූයේ වයඹ පළාතේ එක්තරා ගම්මානයක පාසලකිනි. එම සිද්ධිය සැකවින් මෙසේයි. 


එම පාසලේ 4 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු කරන ලද ගුරු මහත්මිය මාස කීපයකට පෙර විශ්‍රාම ගැනීම නිසා එම පංතියට ගුරුවරයකු නොසිටි බැවින් විදුහල්පතිවරයා විසින් මෙම නවක ගුරු මහත්මියට බාරදෙනු ලැබුවේ එම පන්තියයි.


එම පංතිය වෙත ගිය දෙවන දිනයේ උදෑසන ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට පෙර එම ගුරු මහත්මිය පංතියේ දරුවන්ට උපදෙස් දෙනු ලැබුවේ පන්තියේ ඇති බුදු පිළිමය අසලින් මල්වට්ටියක් තබා, පහන පත්තු කර දවසේ වැඩ පටන් ගන්නා ලෙසයි.


“දරුවනේ ඔයාලා හැමදාම උදේට ඉගෙනීම් වැඩ පටන් ගන්න කලින් බුදුන් වහන්සේට පහන තියලා, මල් පූජා කරල දවසේ වැඩ පටන් ගන්න ඕනෑ. එතකොට ඔයාලගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙනවා. ඔයාලගේ ගෙවල්වලත් මව්පියෝ එහෙම කරනවානේ. ඔය කඩ සාප්පු, ව්‍යාපාරික ස්ථාන තියෙන මව්පියෝ උදේට පහන තියලා දවසේ ව්‍යාපාරික කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරල තමා වැඩ පටන් ගන්නේ. ඒක හොඳ දෙයක්.” ගුරුතුමියගේ කතාවට සවන් යොමුකර සිටි පන්තියේ එක්තරා කටකාර සිසුවෙක් සිය ආසනයෙන් නැගිට ගුරුතුමියට ප්‍රකාශ කළේ මෙවැන්නකි. 


“ටීචර් අපේ පංතියේ යාළුවකුගේ තාත්තා එයාගේ ව්‍යාපාරික ස්ථානයේ උදේට පහන තියලා බිස්නස් සරු වෙන්න කියලා කරන ප්‍රාර්ථනාවට මම නම් කැමති නෑ” 


එය අසා සිටි පන්තියේ සෙසු දරුවන් කොක් හඬලා සිනාසීමට පටන් ගත්තා. 


“ඇයි පුතා එහෙම කියන්නේ” ගුරුතුමිය විමසුවාය.


“ටීචර් එයාගේ තාත්තට තියෙන්නේ මල් ශාලාවක්. ඒකෙ අලෙවි කරන්නේ මිනී පෙට්ටි.”


ඊට කිසි ප්‍රතිචාරයක් නොදැක්වූ ගුරුතුමිය එදිනට නියමිත ගණිත පාඩම ඉගැන්වීමට පටන් ගත්තේ දරුවන්ගේ අවධානය ඊට යොමු කරවමිනි. 

 



අදහස් (0)

සිසුවාගේ ප්‍රාර්ථනා කතාවට අලුත් ගුරුතුමීට තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site