IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිසිල්පැන් වලට ආධාර එකතුකර ඇල්වතුර දීලා

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
සිසිල් පැන් දන්සලකට ආධාර එකතු කර ඇල්වතුර දුන් පුවතක් සබරගමුව පළාතෙන් වාර්තා විය.

සිද්ධිය මෙසේය.


මෙම දන්සලට මුදල් එකතු කළ පුද්ගලයා බීමට ඇබ්බැහි වූවෙකි. බීමට මුදල් නොමැති වූ අවස්ථාවේ ඔහුට කදිම උපායක් කල්පනා විය. ඒ නම් දන්සලක් ලබාදීම සඳහා ආධාර එකතු කිරීමය.


සැලසුම් කරගත් පරිදි මුදල් එකතු කිරීමට පටන් ගත් අවස්ථාවේදී දන්සල පැවැත්වෙන බව කියා එම දන්සලේ සිසිල් පැන් ලබාදෙන බව පවසා ආධාර එකතු කිරීම පටන්ගෙන ඇත. කෙසේ වෙතත් මොහු ගැන තතු දත් අය මොහුට මුදල් ලබාදී ඇත්තේ වැරැදි වැඩ කළත් යහපත් කටයුත්තක් සිදුකිරීමට යන බව සිතාය. මොහු ද අරක්කු බෝතලයේ මුදල් සොයාගෙන මුදල් එකතු කිරීම නවතා දමා ඇත. සුපුරුදු පරිදි දන්සලට ගිය පිරිස දුටු දෙයින් දෙවියන් සිහිවිය.

මොහු ඇල් වතුර විදුරුවකට අයිස් කැට දමා දෙන අයුරු දැක ඒ පිළිබඳව විමසූ විට පවසා ඇත්තේ මේවා සිසිල් පැන් කියාය. කටඋත්තර නැතිවූ පිරිස මොහුගේ ගැටයට හසු වූ බව තේරුම් ගෙන ඇල්වතුර බී ආපසු පැමිණියලු.



අදහස් (0)

සිසිල්පැන් වලට ආධාර එකතුකර ඇල්වතුර දීලා

සුන්දර් Friday, 01 July 2016 09:35 AM

තතු දත් අය මේ බේබදු මිනිසාට මුදල් දී ඇත්තේ, බලු නැට්ට කෝවේ දමාවත් දිග හරින්න බැරි බව නොදැනද..? හොඳට රවටන්න පුළුවන් ජාතියක් තමයි ලංකාවේ ඉන්න මිනිසුන්.! (නි)

:       0       0

නිමාලි Sunday, 03 July 2016 12:01 PM

බේබද්දන්ට කොහෙද දෙවියන්,බුදුන් සිහිවෙන්නේ. සිහි වෙන එකම දේ අරක්කු බෝතලෙයි. (බ)

:       0       0

මොහොමඩ් Saturday, 02 July 2016 10:23 AM

අනේ හැබෑට මෙහෙමත් වැඩ. (නි)

:       0       0

උපාලි ඕමාන් Friday, 01 July 2016 07:37 AM

ඉතින් හරිනේ... අයිස් දාපු වතුර සිසිල් පැන් තමයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site