බූරු පොළකට ගොස් සන්තකයේ තිබූ සියලු දේ පරාද වූ තරුණයකු අවසානයේදී ඔහු පැමිණි තුන්රෝද රථයද උකස් කර බූරු ගසා රුපියල් එක්දහස් පන්සියයක් ගෙවා කුලී රථයකින් නිවසට පැමිණි බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
සිද්ධිය මෙසේය. එය ප්‍රදේශයේ මළ ගෙදරක පැවැති බූරු පොළකි. කල් තබාම සැලසුම් කළ බූරු පොළට ගමේ උදවිය පමණක් නොව අවට ගම්වල බූරු කප්පිත්තන් සැලකිය යුතු පිරිසක්ද පැමිණ සිටියේ සැලකිය යුතු මුදල් ප්‍රමාණයන්ද සිය පසුම්බිවල සඟවාගෙනය. වටින් ගොඩින් අඳුර වැටෙද්දී ආරම්භ වූ බූරු පොළ මැදියම් රැය වෙද්දී එහි උච්ච අවස්ථාවට එළැඹියේ රුපියල් ලක්ෂ ගණනක මුදලක් අතින් අතට මාරු වෙමිනි.
සැලකිය යුතු මුදලක්ද රැගෙන කිලෝමීටර් විස්සකටත් එහා ගමක සිට පැමිණි තරුණයකුද බූරුපොළේදී තමන් රැගෙන පැමිණි සියලු මුදල් පමණක් නොව අතේ තිබූ වටිනා ජංගම දුරකතනයද, අත් ඔරලෝසුවද සෙසු බූරු කප්පිත්තන්ට දන් දුන්නේ අනුන්ගේ මුදල් කොයි මොහොතක හෝ දිනාගැනීම කෙරෙහි තිබූ කෑදරකම නිසාමය. කෙසේ වෙතත් සියල්ල පරාජය වීමෙන් පවා පාඩමක් ඉගෙන නොගත් හෙතෙම අවසානයේදී තමන් ජීවිකාව කරගෙන යනු ලබන තුන් රෝද රථයද උකස් කර සුළු මොහොතකදී එම මුදල් ද පරාජය වූයේ ජීවිතයට අමතක නොවන පාඩමක් ඉගෙන ගනිමිනි. අවසානයේ ඔහු ණයට ගත් රුපියල් 1500ක මුදලක් කුලී තුන්රෝද රථයකට ගෙවා මහ රෑම නිවස කරා පැමිණියේ පසුදින සිට ජීවත්වන ආකාරය ගැන කුලී රථ රියැදුරු සමග සාකච්ඡා කරමිනි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සේසතම පැරැදී ත්‍රිරෝද රියත් උකස්කර බූරු ගහලා