දකුණු පළාතේ රාජ්‍ය ආයතනයක කාර්යාල වේලාවෙන් පසු කාර්යාල සේවකයන් පිටව ගියේ යැයි සිතා යතුරු භාරකරු කාර්යාලය වසා දමා යෑම හේතුවෙන් එම කාර්යාලයේ උඩුමහලේ සේවය කරමින් සිටි කාර්යාල සේවකයන් පිරිසක් හෝරාවක පමණ කාලයක් එම කාර්යාලයේ සිරවී සිටි පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. ඒ අනුව සිද්ධිය මෙසේය. පසු ගිය ගංවතුර සමයේ එම කාර්යාලයේ නිලධාරීන්ට පැවරී තිබූ රාජකාරි ප්‍රමාණය වැඩි වී තිබුණි. ඒ හේතුව නිසා ඔවුන් කාර්යාල වේලාවටත් වැඩියෙන් සේවය කළේ ඔවුන්ගේ ඊළඟ දවසේ තිබෙන රාජකාරි ප්‍රමාණය අඩුකර ගැනීමේ අරමුණින්ය. ඒ වන විටත් ඔවුන් නොදැනුවත්ම කාර්යාල වේලාව ඉක්මවා ගොස් නිවෙස් බලා යන්නට උඩු මහලේ සිට පහළ මහලට පැමිණෙන විට දැකගන්නට ලැබී තිබුණේ කාර්යාල සියල්ලේම දොරගුලු වසා දමා ඉබි යතුරු දමා තිබෙන ආකාරයයි.
දැන් ඉතින් කුමක් කරන්නේදැයි කල්පනා කරමින් සිටි එම නිලධාරීන් ආයතන ප්‍රධානියාට ජංගම දුරකතනයකින් අමතා සිද්ධිය පැහැදිලි කළේය. අනතුරුව ආයතන ප්‍රධානියා ද එම ස්ථානයට පැමිණ අදාළ පොලිස් ස්ථානයට ගොස් ආයතනයේ යතුර ගෙනැවිත් අදාළ ගොඩනැගිල්ලේ කාර්යාලය විවෘත කර එම සේවකයන්ට නිවෙස් බලා යාමට කටයුතු කළේය. වැඩියෙන් වැඩ කරන්න ගිහින් අපට වුණු දෙයක් කියමින් ඔවුන් නිවෙස් බලා යන්නට වූයේ සිනා සෙමින්ලු.
දෙණියාය විශේෂ - එස්.ඩී. කොඩිකාර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සේවකයන් වැඩ කරද්දී ඉබ්බෝ දමා වසා ගිහින්