IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සිල් ගන්න ගිය සැමියා කෙල්ලක් එක්ක දන්සලේ

  • හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන

කාර්යාලයේ තිබූ සීල සමාධි වැඩසටහනට ගිය සැමියා කාන්තාවක සමග ගොස් දන්සලක ආහාර ලබාගන්නා අයුරු රූපවාහිනි ප්‍රවෘත්තිවලින් දුටු බිරිය  සැමියාට ලබාදුන් අපූරු දඩුවමක් පිළිබදව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය නගරයකින් වාර්තාවේ.

බිරිය සහ සැමියා යන දෙදෙනාම රජයේ සේවකයන් වන අතර ඔවුහු  ප්‍රදේශ දෙකක කාර්යාල දෙකක සේවය කළහ. සැමියාට රජය විසින් ලබාදෙන ලද යතුරු පැදියක් සහ බිරියට සිය පියා ලබාදුන් මෝටර් රථයක් තිබුණේය. 

පොසොන් පොහොයට සතියක පමණ කාලයක සිට සැමියා කාර්යාලයේ ඇති සීලසමාධි වැඩසටහනට යාමට සූදානම් වූවේය. බිරිද ඒ සදහා අවශ්‍ය කළමනා සියල්ල අඩුවක් නැතිව සකසා දීමට වගබලා ගත්තාය. දහවල් දානය කාර්යාලයෙන්ම සපයන අතර බිරිදට සහ දරුවන්ට නිවසේ සිටින ලෙස සැමියා පවසා උදේම පෙහෙවස් සමාදන් වීම සදහා පිටව ගියේය. 

නිවසේදී මල් පූජා කිරීම සදහා සුදානම් කරමින් සිටිද්දී දරුවන්ගේ කෑ ගැසීම නිසා  බිරිය සාලයට දිව ආවාය. අම්මේ තාත්තා නැන්දා කෙනෙක් එක්ක දන්සලේ බත් කනවා දැන් පෙන්නුවා යැයි දරුවන් පැවසීම නිසා ඇයට උන්හිටි තැන් අමතක විය. සැමියාට ඇමතුමක් ගත්තද දුරකතනය ද ක්‍රියා විරහිත කර තිබුණි. 

දරුවන් එහාට මෙහාට වන්නට හැර අන්තර්ජාලයෙන් ප්‍රවෘත්ති වැඩසටහන බාගතකර ඇය නැරඹුවාය. සැමියා කෙල්ලක සමග දන්සලක ප්‍රයිඩ්රයිස් කන  අයුරු පැහැදිලිව දර්ශනය විය.  

ඇය නැවත සැමියාට කඩිනමින් ඇමතුමක් ලබා ගත්තාය. ඇමතුමට ප්‍රතිචාර නොදැක්වූ නිසා ඇයගේ කේන්තිය දෙගුණ තෙගුණ විය. බිරිය දරුවන් ද මෝටර් රථයට නංවාගෙන  ඇයගේ මහ ගෙදර ගිය අතර ගේට්ටුවට ඉබියතුරු දමා යන්නට අමතක නොකළාය. 

රාත්‍රී නිවෙසට පැමිණි සැමියා ගේට්ටුව වසා දැමීම ගැන විමසීමට ඇමතුම් ලබාගත්තද බිරිය එයට ප්‍රතිචාර නොදැක්වූවාය.

බිරිය මහගෙදර යන්නට ඇතැයි සිතා එහි ගිය සැමියාට බිරිදගේ සහෝදරයන් දෙදෙනාගෙන් මුහුණ දෙකම්මුල් රතුවන සංග්‍රහයක් හිමිවූ අතර පවුලේ අයගේ දැඩිලෙස දෝෂාරෝපණයට ද ලක්විය. 

නිරුත්තර වූ සැමියාට බිරිය විඩියෝ දර්ශනයද ප්‍රදර්ශනය කර පෙන්නුවාය. සැමියාගේ යතුරු පැදියේ බලපත්‍ර සියල්ල හා යතුර බිරිය ලබාගත් අතර සැමියා සිය මෝටර් රථයේ නංවා ගෙන ගොස් නිවසේ සහ ගේට්ටුවේ යතුරු ඔහුට ලබාදි  නිවස අසලින් බස්සවා ඇය නැවත මහගෙදර ගියාය. 

බිරිය ඇයගේ මහගෙදර දරුවන් සමග නැවතුණාය. කිලෝ මීටර් හතරක් පමණ පා ගමනින් ප්‍රධාන මාර්ගයට පැමිණ  බස් රථයක නැගී  දිනපතා රාජකාරියට  යාමට සැමියාට පසු දින සිට සිදුවිය.  යතුරු පැදියට කුමක් වුවාදැයි කාර්යාල මිතුරන් විමසූ විට එහි කාර්මික දෝෂයක් නිසා සිල් සමාදන් වීමට ද පැමිණිමට නොහැකි වූවා යැයි බොරුවක් කීවත් සිද්ධිය කාර්යාලයට ද ආරංචි වීමට වැඩි දිනක් ගත නොවීය. කාන්තාව සහ සැමියා ආයතන ප්‍රධානියාගේ දැඩි දෝෂ  දර්ශනයට ද ලක්විය. මිතුරන් ගේ උසුළු විසුළු දරාගත නොහැකිව  සැමියා සතියක් නිවාඩුව ලබාගෙන නිවසේ ගතකරන අතර කාන්තාවට වෙනත් කාර්යාලයකට කඩිනම් ස්ථාන මාරුවීමක් ලැබිණි.



අදහස් (1)

සිල් ගන්න ගිය සැමියා කෙල්ලක් එක්ක දන්සලේ

himal Wednesday, 07 June 2023 01:44 PM

හරි, ගියා තමයි. දන්සැල් යන්න තහනමක් නෑනේ. යන ගමන් දන්සැලක් දැක්කා... ඒකට ගිහින් කෑවා, ළඟ හිටියේ එතැන පෝලිමේ හිටපු ගැහැණියෙක්. කවුද කියලා මම දන්නේ නෑ. මම එනකොට ගෙදර වහලා.., මම පොලිසියේ පැමිණිල්ලකුත් දාලයි ආවේ.. කියලා කිව්වා නම් මොකද කියන්නේ...?

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17745 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site