සැමියාගේ නොසැලකිල්ලෙන් නිවෙසක් ඉදිකර ගැනීම පමා වෙනවා යැයි සැමියාට දෝස්මුර තැබූ බිරිඳක් සිය මාලය උකසට තබා රුපියල් විසි දහසක් ණයකට ගත්තේ අලුත් නිවෙසක් ඉදිකරගන්නට ගඩොල් මිලදී ගන්නටය.
ණයට ලබාගත් රුපියල් විසිදහසක මුදල අල්මාරියේ ඇඳුම් අතර සඟවා තබා දින දෙකතුනකින් බලන විට රුපියල් හාරදහසක් අඩුවී ඇති බව ඇය දුටුවාය. මේ මුදල සැමියා කෙසේ හෝ සොරාගෙන අරක්කු බොන්නට ඇතැයි දෙස්දෙවොල් තබමින් ඇය තව තවත් අල්මාරියේ රෙදි ඒ මේ අතට පෙරළමින් නැතිවූ මුදල සෙව්වාය.
එවිට එක්වරම රුපියල් දහසේ කොළ දෙකක් ඒ අතර තිබී බිමට වැටුණ අතර කෑලි කෑලි කැඩූ දහසේ කොළ දෙකක කැබලිද මීයන් කපා දැමූ රෙදි කැබලිද බිමට වැටුණි. රුපියල් හාර දහසේ සොරු අතටම බිරිඳට අසුවූ අතර සැමියා යාන්තමට චෝදනාවෙන් බේරුණේය. ඒ වෙනුවට ගෙදර සිටි බළලාව පසුවදාම ඈත පළාතකට ගෙන ගොස් දැමුවේ සියලු වැරැදි බළලා මත පටවමිනි.
(දූනගහ - බටේපොළ විජයසිරි)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සල්ලි හොරා අහුවුණාම බළලාට පාඩමක් උගන්වලා
සමන්ති Tuesday, 20 December 2016 02:55 PM
අල්මාරියේ යතුර බල්ලාට නොදී තිබුනිනම් බිරිඳවත් නැන්දම්මා ළඟට යවන්න ඕනි (බ)
ඉමේශ් Tuesday, 20 December 2016 08:51 PM
මෙහෙමත් නොමිනිසුන්! (නි)