IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


සල්ලි හුටපටේකට ගුටි නොකා අනූනමයෙන් බේරිලා

සිංහල හින්දු අලු‍ත් අවුරුදු දිනවල නිවසට එන අමුත්තන්ට සංග්‍රහ කිරීමට මාළු මිලදී ගැනීමට ගෙන ගිය රුපියල් විසිදහසක මුදල  අහිමි කරගෙන හිස් අතින් යළි නිවසට ඒමට තරුණ අඹුසැමි යුවළකට සිදුවූ පුවතක් රක්වාන පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ගෙවී ගිය සිංහල සහ  හින්දු අලු‍ත් අවුරුදු දිනවල නිවසට එන  නෑදෑයන්ට සහ අමුත්තන්ට සංග්‍රහ කිරීමට උවමනා කර තිබූ මාළු මිල දී ගැනීමේ අදහසින් මෙම තරුණ අඹුසැමි යුවළ මාදම්පේ  මාළු වෙළඳ සංකීර්ණයට ගොස් ඇත. මෙදින මාළු මිල දී ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටි අතර මාළු මිලයට  ගන්නවා තියා වෙළඳ සංකීර්ණයේ එහා මෙහා ඇවිද යාම ද අපහසු වී ඇත.


මෙම යුවළ දැඩි අපහසුවකින් මාළු වෙළෙන්දෙකු අසලට ගොස් තමන්ට අවශ්‍ය මාළු වර්ග කිහිපයක්ම තෝරාගෙන ඇති අතර තෝරාගත් මාළු සඳහා මුදල් ලබාදීමට සිය බෑගයට අත දැමූ තරුණ කාන්තාවට තරු වීසි විය. බෑගයේ තිබූ රුපියල් 20,000ක මුදල කිසිවෙකු සොරාගෙන ඇති බව වටහා ගත්  කාන්තාව මහ හයියෙන් කෑ ගැසීමට පටන් ගෙන ඇත. මුදල් සොරාගෙන ඇති බව පවසා කෑ ගසමින් තරුණයෙකුගේ අතින් අල්ලාගෙන සිටිනු  දුටු  මාළු වෙළඳසලට පැමිණි සිටි පුද්ගලයන් සහ මාළු වෙළෙන්දන් විසින් එම තරුණයාට පහර දීමට උත්සාහ ගෙන ඇත. අනතුරුව අතින් අල්ලාගෙන සිටින්නේ තම සැමියා බව පවසා මුදල් ද මාළු ද නොමැතිව  සිය ස්වාමි පුරුෂයාව ද බේරාගෙන මාළු වෙළඳ සංකීර්ණයෙන් පිටතට පැමිණ  හිස් අතින්ම යළි නිවසට යාමට තරුණ කාන්තාවට සිදු වූ  බවද වාර්තා විය.

රක්වාන ඩබ්.ඒ. සිරිසේන



අදහස් (0)

සල්ලි හුටපටේකට ගුටි නොකා අනූනමයෙන් බේරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site