IMG-LOGO

සල්ලි නොදුන්නාම ගොළුවා කතාකරලා

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කතාකිරීමට නොහැකිව පැමිණි යාචකයා මුදල් ලබානොදුන් විට කතාකළ අපූරු පුවතක් ගම්බඳ ප්‍රදේශයකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


මේ දිනවලදී ප්‍රදේශයට පවතින වර්ෂාවත් සමග වෙළෙඳාම් සරු ලෙස සිදු නොවේ. කෙසේ වෙතත් සිදුවීම වූ දින උදෑසන තම ව්‍යාපාරය අසලට පැමිණි යාචකයා උගුර පෙන්වා කතා කිරීමට නොහැකි බව පවසා සිටි හෙයින් එම වෙළෙඳසල හිමි පුද්ගලයා ඔහුට අනුකම්පා කර මුදලක් ලබාදී තිබේ.


එහිදී ඒ යාචකයා පාන්දරම මත්පැන් පානය කර ඇති බව හැඟී ගිය හෙයින් “මේ මිනිහා සල්ලි හොයන්නේ කන්න නෙමෙයි බොන්නද කොහෙද” යැයි පවසා ඇත්තේ කඩයට පැමිණි කාන්තාවකටය. එවිට එම කාන්තාව “ඔය මනුස්සයා ටිකකට කලින් යසට කතාකළා. මම අර පැත්තේ ෆෝන් කඩයක ඉන්නකොට යසට කතාකරලා රුපියල් 299ක ඬේටා කාඞ් එකක් ගත්තා” යැයි කඩහිමියාට පවසා ඇත.


එවිට අල්ලපු කඩය දෙසින් ඇසුණු බහින්බස්වීමක් ඇසුණු කඩ හිමියා එදෙස විපරම් කරද්දී කතාකිරීමට නොහැකිව පැමිණි යාචකයා අල්ලපු කඩහිමියාට බැනවදිමින් යන අයුරු දක්නට ලැබී ඇත. ඒ සම්බන්ධව අල්ලපු කඩහිමියාගෙන් විමසූ විට පවසා ඇත්තේ, “මිනිහා බීලා ඉන්නේ. මගෙන් සල්ලි ඉල්ලුවාම මම බැහැ කිව්වා. පස්සේ මිනිහා කඬේ ෆොටෝ අරන් ෆේස් බුක් දානවා කියලා බැන බැන යන්න ගියා” කියාය.

 



අදහස් (0)

සල්ලි නොදුන්නාම ගොළුවා කතාකරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 383 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site