ඇල්පිටිය - චන්ද්‍රසිරි ගුණසේකර
අගනගරයක පැවැති උත්සවයක් ආරම්භයේ පොල්තෙල් පහන දල්වන්නට ගොස් සිය සැමියාගේ ඇනුම් බැණුම් අසාගෙන මුහුණ නරක් කරගෙන ආපසු ගෙදර පැමිණ රාත්‍රියටත් නොකා නොබී නිදාගත් බිරියක ගැන දකුණේ ගමකින් අසන්නට ලැබේ.
එම පවුල ගමේ අනෙක් කාටත් වඩා කැපී පෙනෙන්නට උත්සාහ කළ තරුණ යුවළකි. ගමේ සිදුවන සෑම කටයුත්තකදීම අනෙක් අයට වඩා ඉහළින් සිටීමට නිතරම මේ දෙදෙනා උත්සාහ කළහ. ගමේ සමිති සමාගම්වලද ඉහළ තනතුරු ලබාගන්නට මේ දෙදෙනා උත්සාහ කළහ.
මේ අතර පසුගියදා එම සමිතියක සාංවත්සරික උත්සවයක් අගනගරයේ පිහිටි උත්සවශාලාවක පැවැත්විණි. එය සංවිධානය කළ සංවිධායකයෝ මෙම උත්සවයේ වියදම් සඳහා සමිතියේ සාමාජික සාමාජිකාවන්ගෙන් දායකත්වය පැතූහ. රුපියල් දහස, දෙදහස වැනි මුදල් දායකත්වයක් සාමාජිකයෝ ලබා දුන්හ. සංවිධායකයෝ මෙම කැපී පෙනෙන පවුලේ බිරියගෙන්ද මේ සඳහා දායකත්වය ඉල්ලා සිටියහ.
අනෙක් සාමාජිකයන් මේ සඳහා දුන් දායකත්වය ගැන විමසූ ඇය කියා සිටියේ ‘මම රුපියල් පන්දහසක්ම දෙන්නම්.හැබැයි මට පොල්තෙල් පහන දල්වන්න දෙන්න ඕනෑ’
සංවිධායකයෝ ඊට කැමැති වූහ. ඇය රුපියල් පන්දහසක්ම පරිත්‍යාග කළාය.
නියමිත දින උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු කළහ.
“අපි දෙන්නත් එක්කම යමු මේ උත්සවේට. මම පොල්තෙල් පහන දල්වන්නත් ඉන්නවනෙ. මේ ගමේ එකාලට පේන්නත් එක්ක කලින් ගිහින් ඉස්සරහ ආසන දෙකක වාඩිවෙමු” ඇය සැමියාට යෝජනා කළාය.
ඒ අනුව සැමියාද කැපී පෙනෙන ඇඳුමකින් සැරසී ගත් අතර ඇයද ඒ සඳහාම අලුතින් ගත් වටිනා සාරියකින් සැරසී දෙදෙනාම කලින්ම උත්සව ශාලාවට ගොස් දෙවැනිපෙළේ අසුන් දෙකක හිඳගත්හ.
උත්සවය ආරම්භවීමට නියමිත වේලාවට වඩා ටිකක් පමාවිය. ඒ ප්‍රධාන අමුත්තකු ලෙස අමාත්‍යවරයාද සහභාගි වූ බැවිණි. මේ නිසා රාජ්‍ය ආයතන කිහිපයකම ප්‍රධානියෝද මෙම උත්සවයට පැමිණ සිටියහ. මේ නිසා සංවිධායකයන්ට උත්සවයේ න්‍යාය පත්‍රයේද වෙනස්කම් කරන්නට සිදුවී තිබුණි.
උත්සවය ආරම්භ විණි. නිවේදකයා චිරාගත පොල්තෙල් පහන දැල්වීමට අමාත්‍යවරයාගේ සිට ඊට සහභාගීව සිටි ආයතන ප්‍රධානීන්ට නම් කියා ආරධනා කළේය. මේ දෙදෙනාම දැන් දැන්ම නම කියැවෙතැයි බලා සිටියහ. පොල්තෙල් පහන දල්වා අවසන්විණි. එතෙක් අසුන්වලින් නැගී සිටි සියල්ලෝම යළි අසුන් ගත්හ.
දෙදෙනාගේම මුහුණු කළුවිය. එහෙත් ඉදිරි අසුනක සිටි නිසා දෙදෙනාටම උත්සවශාලාවෙන් පිටව යාමටද නොහැකිය. ඒ නිසා උත්සවය අවසන්වනතුරුම සිටි ඔවුහු උත්සවය අවසානයේ පැවැති තේපැන් සංග්‍රහයටද නොසිට ගෙදර පැමිණියහ.
ගෙදර පැමිණි සැමියා “තමුසෙත් කරන ගොන් වැඩ. පිස්සුද ඕයි හරියට දන්නෙ නැතුව එච්චර මුදලක් දුන්නෙ” කියා බිරිඳට ආඩපාලි කියද්දී ඇය රාත්‍රියටත් නොකාම නින්දට ගියාය.
පසුදා මෙය දැනගත් ගමේ කටකාර ගැහැනු මදැයි සල්ලිත්දීල පොල්තෙල් පහන පත්තුකරන්න ගිහින් වෙච්ච්දේ කියා කියද්දී දැන් ඇය නිවසේ කුස්සියට දිවයනවාලු.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සල්ලි දුන්නත් නම හැලී ගිහින්