IMG-LOGO

සැලුන් අයියාගෙන් කොරෝනා කට්එක

(නිකවැරටිය ප්‍රියානි මංගලිකා)
නගරයේ කුඩා සැලුන් එකක් පවත්වාගෙන ගිය කරණවෑමියකු රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් සැලුන් එක වසා දමා නිවෙසට වී කල්පනා කරමින් සිටියේ මත්පැන් බීමට මුදල් උපයන ක්‍රමයක් ගැන කල්පනා කරමිනි.


උපයන මුදලින් සවසට අඩියක් ගසන කරණවෑමියාට එය අහිමි වීම ද මහත් කනස්සල්ලකි. ඔහුගේ බිරිඳ ද සැරපරුෂ කාන්තාවක නිසා ඇයගෙන් ද සහනයක් ලබා ගැනීමට ඔහුට නොහැකි විය.


මෙදින උදෑසනින්ම අවදි වූ කරණවෑමියා හොඳ උපායක් කල්පනා කළේය. හෙතෙම කොණ්ඩ කපන ආම්පන්න ද බෑගයක දමාගෙන ආරක්ෂිත විධි ක්‍රම ද අනුගමනය කරමින් නිවෙස්වලට ගොස් කොණ්ඩය කැපීමට තම අසල්වැසි ගම්වල නිවෙස්වලට ගියේ මහත් බලාපොරොත්තු ඇතිවය.


ඔහු සිතූ තරම් වැඩේ සාර්ථක නොවුණ ද, සවස් වන විට යම් මුදලක් උපයා ගැනීමට හැකි විය. ඉන් මහත් සතුටට පත් වූ කරණවෑමියාට අතරමගදී මිතුරකු ද හමුවිය.


මිතුරාට ද ආරධනා කළ කරණවෑමියා කසිප්පු තිප්පොළකින් පැකට් කීපයක් මිලදී ගෙන මිතුරා සමග පානය කළේ ද මීටරයක දුර තබාගෙනය.


එදින උපයාගත් මුදලින් ගෙදරට අවැසි දෙයක්ද නොගත් කරණවෑමියා මුදල් අවසන් වන තුරුම කසිප්පු පැකට් මිලදී ගෙන රෑ වන තුරුම පදමට බීවේය. තනිව නිවෙසට යා නොහැකි වූ කරණවෑමියා මිතුරාගේ පිහිටෙන් නිවෙසට ඇරලවීය.


නිවෙසට පැමිණිය ද බිරිඳට බියෙන් නිවෙසේ දොර ළඟ වැටී කරණවෑමියා එළියේම නින්දට වැටිණි.


මැදියම් රැයේ කෙඳිරි ගාන හඬක් ඇසී නිවෙසේ දොර හැර බලද්දී වෙරි වී වැටී සිටින සැමියා දැකීමෙන් බිරිඳගේ ද යකා නැග්ගාය.

සැමියා ළඟ බිම තිබූ ආම්පන්න මල්ලෙන් කතුර අතට ගත් බිරිඳ, කරණවෑමි සැමියාගේ හිසෙහි කොටසක කොණ්ඩය කපා දමා අනිත් පැත්තේ කෙස්වලින් ඇදගෙන ගොස් නිවෙසට දමා දොර වසා දමා ඇත.


පසුදින දහවල් වී අවදි වූ කරණවෑමියා මුහුණ සෝදාගෙන අසල කඩය වෙත ගියේ කෑමට යමක් ගැනීම සඳහාය.


බිරිඳ රාත්‍රියේ තමාගේ කොණ්ඩය පැත්තක් කපා දමා ඇති බව කරණවෑමියා නොදැන සිටි අතර, කඩයට ගිය විට කඩයේ තරුණ මුදලාලි ‘‘සැලුන් අයියා අලුත් කට් එකක් ද ඔය’’ කියා අසා ඇත. වහා හිස අත ගා බලා කාරණය වටහා ගත් කරණවෑමියා ‘‘ආ.... ඔව්. මල්ලී මේක කොරෝනා කට් එක’’ කියා තම ජාමය බේරා ගෙන ඇත.



අදහස් (0)

සැලුන් අයියාගෙන් කොරෝනා කට්එක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site