IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


සර් සූර් වෙලා ඉදුල් වතුර බීලා

ඇල්ල - ප්‍රසාද් රුක්මල්  
බදුල්ල ප්‍රදේශයේ පාසලක අවුරුද්ද අවසානයේ පැවැති වාර්ෂික සුහද හමු සාදයකදී පදමට වැදී සිටි ගුරුවරයකු තැම්බුම් හොදි (රසම්) කියා ඉඳුල් වතුර බීමේ පුවතක් බදුල්ල නගරයට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ.
2023 වසර ගෙවී යමින් පවතින අවස්ථාවේ බදුල්ල ප්‍රදේශයේ පාසලක  විදුහල්පතිවරයෙක් සිය ගුරු මණ්ඩලය සහ පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය එකතු කරගෙන වාර්ෂික සුහද හමු සාදයක් පැවැත්වීමට කටයුතු කළේය.
මෙම සාදය ප්‍රදේශයේ හෝටලයක පැවැත්වීමට තීරණය කළේ පාසල් නිවාඩුව නිසාය.
සියලු‍ම දෙනා හොඳ ලස්සනට ඇදපැළද හෝටලයේ පැවැති සාදයට පැමිණි අතර එකිනෙකා සෙල්ෆි ඡායාරූප ගනිමින් විනෝදවන්නට වූහ.
පසෙකින් ඩීජේ සංගීතයෙන් සාදය වර්ණවත් වෙද්දී තවත් පිරිසක් මදුවිත තොලගාමින් සතුටුවනු දැක ගත හැකි විය. මෙම පිරිසේ පදම එන්න එන්නම වැඩිවෙත්ම එකා දෙන්නා ඩීජේ සංගීතයට අඟරදඟර දමන්නට පටන් ගත්හ.
මේ අතරේ කාන්තාවන් කල්වේලා ඇතිව ගෙදර යාමේ අටියෙන් හෝටලයේ පසෙකින් සූදානම් කර තිබූ දිවා ආහාරය බුක්ති වින්දහ.


ඩීජේ සංගීතයට අඟරදඟර දමමින් පදම වැඩිවී සිටි අයෙක් එක්වරම හෙමින් දිවා ආහාරය සූදානම් කර තිබූ ස්ථානයට පැමිණ අත් සෝදන භාජනයක තිබූ ඉඳුල් වතුර වීදුරුවකට දමාගෙන උගුරට දෙකට බීගෙන ගියේය.
පසුව ඔහු හෙමින් යළි ඩීජේ සංගීතයට අඟරදඟර දමමින් සිටි මිතුරකු අසලට ගොස් “මචං හොඳ තැම්බුම් හොද්දක් (රසම්) හදලා තියෙනවා....  කෑමට කලින් ටිකක් බීලා වරෙන්.... ඇඟට හොඳයි ....” මිතුරාගේ  කනට රහසින් කොඳුරා කීය.
මිතුරාද හෙමිහිට දිවා ආහාරය සූදානම් කර තිබූ ස්ථානයට ගොස් විපරම් කර බැලු‍වෙ තැම්බුම් හොදි ටිකක් බීමේ ආසාවෙනි.
එහෙත් එහි එවැනි දෙයක් නොතිබුණු අතර කාන්තාවන් කෑම කා ඉවර වී අත්සේදූ ඉදුල් වතුර භාජනයක් තිබෙන අයුරු දැක ඒ බව සිය මිතුරාට කීවේය.
ඉන් වෙරි හිදීගිය මිතුරා “මචං මම තැම්බුම් හොදි කියා මේවා බිව්වේ... කාටවත් කියන්න එපා...” කීවේය. ඔහු එසේ කියා හෙමින් සීරුවේ මාරුවී ගියේ මුහුණට දැමූ දහදිය අතින් පිසදමමිනි.



අදහස් (0)

සර් සූර් වෙලා ඉදුල් වතුර බීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 615 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site