IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සූර් වී මස්කටුත් එක්ක දත් දෙකත් කුණු කූඩෙට

දකුණු පළාතේ සෞඛ්‍ය සේවාවට සම්බන්ධ ආයතනයක සේවය කළ ඔහු පසුගියදා රිය ගැටුමකට ලක්වූයේ බීමත්ව යතුරුපැදියක් ධාවනය කරවීමේ හේතුවෙනි. කටේ ඉදිරිපස දත් දෙකක් මේ නිසා ඔහුට අහිමි වූ අතර කඩිනමින් කෘතිම දත් ජෝඩුවක් සවිකර ගත් ඔහු ඥාතීන්ට කීවේ තවත් නම් බීමත්ව රිය නොපදවන බවය.


පසුගියදා ඥාතියකුගේ මංගල්‍ය උත්සවයකට සහභාගිවූ ඔහුට මධුවිත නැතිවම බැරිවිය. හිතවතුන් සමග මත් වතුර බොන අතරේ කට ගැස්මට ගෙනා කුකුළු මස් ද භාවිත කළ ඔහුට මස් කැබැල්ලක වූ කටු ගතිය නිසා එය රැගෙන ගොස් කුණු භාජනයකට දමා ආපසු ආවේ සංවිධායකවරුන්ට ද දෝෂාරෝපණ කරමිනි.


එහෙත් ආපසු පැමිණි පසු කටේ අමුත්තක් දැනුන හෙයින් දිවගින් දත් පරීක්ෂා කර බැලූ ඔහුට දෙවියන් සිහිවූයේ මස් කටුව සමග තම අලුත් දත් දෙක ද කුණු භාජනයට වැටී ඇති බව දැනුණු හෙයිනි.


නැවත කුණු භාජනය පිරික්සීමට තරම් කල්පනාවක් නොවූ හෙයින් කට වසාගෙනම ගෙදර ගිය ඔහු පසුදාම දන්ත වෛද්‍යවරයා හමුවී අඩුපාඩුව සම්පූර්ණ කර ගැනීමට මුදලක් බැන්දාලු.

(තිහගොඩ උපසේන ලියනගම)



අදහස් (0)

සූර් වී මස්කටුත් එක්ක දත් දෙකත් කුණු කූඩෙට

විමලරත්න Friday, 18 November 2016 12:35 PM

අබුද්දස්ස කාලෙට අහන්න වෙන කතා! (නි)

:       0       0

මාලක Friday, 18 November 2016 03:53 PM

මට නම් හරිම අපුලක් දැනුනා (නි)

:       0       0

පියල් Thursday, 17 November 2016 01:06 PM

අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු

:       0       0

රූපවතී Friday, 18 November 2016 08:13 AM

මේක දකිද්දී මට අපේ පිටබැද්දර ජයා අයියව මතක් වුනා ..!.ඔයා හොදින්ද ජායා අයියේ ..? (බ)

:       0       0

ඩෙන්සිල් Saturday, 19 November 2016 01:50 PM

හොඳ වැඩේ! (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 November 2016 09:21 AM

රුපවති අක්කේ ඔය කතාවටම හරියන කතාවක් තියෙනවා හැබැයි එක ලස්සන කරලා ලියන්න පුළුවන් අපේ වික්‍රමට තමයි (බ)

:       0       0

ජයතු - අරාබිය Saturday, 19 November 2016 07:00 PM

මගේ යහළුවෙකුටත් ඔවැනි දෙයක් සිදුවුණා. එනම් ඔහුගේ පෙම්වතියගේ ආරාධනය පරිදි ඉබ්බාගමුවේ නිවසට ගිය පළමු දිනයේ වැවක නෑමට ගිය විට, ඔහු භාවිතා කළ කෘතිම දත් ජෝඩුව වැවට වැටුනා. වැවේ මඩ නිසා ඒක සොයා ගැනීමට කොතරම් උත්සහ කළත් නොහැකි වුණා. ඉදිරිපස උඩු ඇන්දේ දත් නැති බව පෙම්වතියගේ පවුලේ අය දැන ගැනීමට පෙර වැව ළඟදීම ඇයට සමුදීමට ඔහුට සිදුවුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site