IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සූර් පිට යතුරු පැදියේ ගිහින් පොලිස් නිලධාරියකු යැයි රැවටී කම්කරුවකුට පගාව දීලා

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
 රාත්‍රි කාලයක බීමත්ව සිය යතුරු පැදියෙන්  ප්‍රධාන මාර්ගයක පැමිණි පුද්ගලයකු මාර්ගයේ පාලමක් ඉදිකරන ස්ථානයක වාහන හසුරුවමින් සිටි සේවකයකුට පොලිස් නිලධාරියෙකු යැයි සිතා සංතෝෂම් මුදලක් සේවකයා අත තබා එම ස්ථානයෙන් පිටව ගිය බව කියැවෙන පුවතක් වාර්තා වේ.


 එය වාර්තා වන්නේ වයඹ පළාතේ ප්‍රධාන නගරයකට නුදුරු  ස්ථානයකිනි. එම පුවත සැකවින් මෙසේය.


එය වයඹ පළාතේ පිහිටි ප්‍රධාන මාර්ගයකි. එම මාර්ගය කාපට් කිරීම සිදුකරනු  ලබමින් පැවති අතර එය සිදුකරනු ලැබුවේ කොන්ත්‍රාත් සමාගමක් විසිනි. කාපට් කිරීම බොහෝදුරට අවසන්ව තිබූ අතර මේ දිනවල මාර්ගයේ අබලන්ව ඇති පාලම් හා බෝක්කු වෙනුවට අලුතින් පාලම් හා ඉදිකිරීම් සිදුවෙමින් පවතී. නගරයේ සිට කිලෝමීටර් 4ක පමණ දුරකින් පිහිටි ස්ථානයක අබලන් වූ පාලමක් වෙනුවට නව පාලමක් ඉදිකෙරෙමින් පැවති අතර එදින රාත්‍රී 10ට පමණ සමාගමේ සේවක පිරිසක් පාලමට කොන්ක්‍රිට් දැමීමේ නියැලී සිටියහ.


එක සේවක මහතෙක් කහ පැහැති ඇඳුමකින් සැරසී හිස් වැසුමක්ද පැළද අලුතින් ඉදිකරන පාලමට මීටර් 100ක පමණ දුරකින් වාහන හැසිරවීමේ යෙදී සිටි අතර ඔහු තරමක වේගයෙන් පැමිණි යතුරුපැදියකට නවතන ලෙස සංඥා කරනු ලැබුවේ ඉදිරියෙන් එන  වාහනවලට යෑමට ඉඩ දීම සඳහාය.


යතුරුපැදියේ පැමිණි පුද්ගලයා යතුරුපැදිය නවතා සේවක මහතා අසලට පැමිණ ලියුම් කවරයක් ඔහු අත තබා වහා එම ස්ථානයෙන් පිටව ගියේ මෙසේ ද පවසමිනි.


‘‘සර් මම යාළුවෙකුගේ වෙඩින් එකකට ගියා, පරණ යාළුවෝ ගොඩක් හම්බ වුණා. ඉතින් ටිකක් බීවා. දඩ ගහන්න නම් එපා. මේක තියාගන්න.’’


ලියුම් කවරය විවෘත කළ සේවකයාට එහි දක්නට ලැබුණේ රුපියල් 1000 අලුත්ම  නෝට්ටුවකි. 

 



අදහස් (0)

සූර් පිට යතුරු පැදියේ ගිහින් පොලිස් නිලධාරියකු යැයි රැවටී කම්කරුවකුට පගාව දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site