කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
අවුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
කන පැලෙන්න බීලා පොලීසියට හසුවී උසාවි ගොස් විසිපන්දහසේ දඩ කිහිපයක්ම ගෙවූ අයෙකි. එසේ උසාවියෙන් නියම කළ දඩ මුදලින් බාගයක් ගෙවා ඉතිරි බාගය ගෙවන්න අමතකවී වරෙන්තු ලබා පොලිස් කූඩුවේද ඔහු සිටියේ මේ ඊයේ පෙරේදාය.
රෑට යතුරු පැදිය පදවාගෙන ඔහුට පොලීසිය අත දමන්නේ බීලා නම් අල්ලාගෙන ගොස් උසාවි දමන්නය. ඔහුද මේ පිළිබදව ඉන්නේ හොඳ සෝදිසියෙන්‍්ය. දැන් ඔහු බීලා රෑට ගෙදර එන්නේ නම් සිය යතුරු පැදිය මග දමා ත්‍රීරෝදයකින් එන්නේය. නොඑසේනම් නොබීව් අයෙකුට සිය යතුරු පැදිය පදවන්න දී ඔහු පසු පස නැගී එන්නේය.
අවුරුද්ද ලැබීමත් සමගම ඔහු එදා රෑ යතුරු පැදියෙන් නිවස බලා එමින් සිටියේය. දුර තියාම ඔහු පාරේ පොලීසියෙන් සිටිනු දුටුවේය. ඒ එක්කම පොලීස් නිලධාරීන් ආසන්න වෙද්දී ඔහු කලබලෙන් සිය යතුරු පැදිය හරවා ගෙන එන මග නොගොස් ආපසු ඒමට පටන් ගත්තේය. මෙය දුටු පොලිස් නිලධාරීහු තමන් පාර අයිනේ නවතා තිබූ යතුරු පැදියේ නැගී ඔහු පසු පස පැන්නුවෝය.
කොහොමින් කොහොම හරි ඔහු පසු පස පන්නා ගෙන ගිය පොලිස් නිලධාරීහු මග හරස් කොට ඔහුව නතර කර ගත්හ. හා තමුන් බීලා අපි දැක්ක ගමන් ආපහු හැරිලා බයිසිකලෙන් මාරු වෙලා යන්න නේ හැදුවේ. ඒවා කොහේද අපිත් එක්ක. තමුසේ බීලා නේද ඉන්නේ. නැහැ මම බීලා නැහැ. කවුද කියන්නේ මම බීලා කියලා. කිසිම ගරුසරුවක් නැතිව වාග් ප්‍රහාරයක් ඔහු පොලිස් නිලධාරීන්ට එල්ල කළේය. හා හා මූ බීලද බලනවා එක් පොලිස් නිලධාරියෙක් අනෙක් පොලිස් නිලධාරියාට කීවේය.
ඒ සමගම එම පොලිස් නිලධාරියා ඔහුගේ මුවට සිය මුහුණ කිට්ටු කළේ හාදුවක් දෙන්න ළං වෙන අයෙකු ලෙසය. මූ බීලා නැහැනේ. ඊයේ බීපු ගඳක්වත් මුගේ ළගින් එන්නේ නැහැ යයි මුව ඉව කළ පොලිස් නිලධාරියා අනෙකාට කීවේය. මොකද ඕයි එහෙනම් අපි දැක්කම කලබල වෙලා වැනි වැනි වගේ බයිසිකලය හරවගෙන ආපසු එන්න ආවේ යැයි පොලිස් නිලධාරියා ඔහුගෙන් ඇසුවේය.
නෝන්ජල් හිනාවක් දැමූ ඔහු ඇයි සෑර් මට බයිසිකලේ හරවන් එන්නත් ලයිසන් එකක් ඕනෑ දැයි ඇසුවේ සරා ගොයියා එදා පොලිස් රාලහාමිගෙන් ඇසුවාක් මෙන්ය. හා උඹ අහු වෙයන්කෝ කියමින් පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරු පැදියේ නැගී ගියේ ඔහු දෙස රව රවාලු.
2025 ඔක්තෝබර් මස 08
1810
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1474
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
සූර් පාට් දමා පොලිසිය අන්දවලා