IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සාරි පොටේ කෑම හංගපු විධායක ලොක්කිට තරු පෙනිලා

කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත

යන හැම උත්සවයකදීම තේ මේසේ කෑම සාරි ෙපාටේ හංගාගෙන එන කාර්යාලයීය විධායක නිලධාරිනියක මෙම ක්‍රියාවෙන් අලි අමාරුවක වැටුණු අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 

ඇයගේ රාජකාරියට අදාළ උත්සව සඳහා ආරාධනා නිතරම ලැබෙන්නේ දරන තනතුර නිසාය. ඒ වෙනුවෙන් තේ මේසයට යාමට සිදුවනුයේ ද ඇයටය. පුරුද්දක් වශයෙන් ඇය තේ මේසයට සහභාගි වී එහි තියෙන හොඳ කෑම ජාති කිහිපයක් ඔතාගෙන සාරි පොටේ හංගාගෙන එන්නේ පුරුද්දට මෙන්ය. කවුරු හිටියත් ඇය මෙයට පුරුදු වී සිටියාය. 

එදා පැවැති උත්සවයේ තේ මේසය සඳහා ද ඇය ගියාය. වෙනදා මෙන්ම කෑම මේසයේ කෑම ටිකක් ඔතාගෙන සාරි පොටේ හංගාගෙන එළියට එමින් සිටියාය. දාගෙන ගිය අඩි උස සෙරෙප්පු දෙක සාරියේ පැටලී වැටෙන්නට ගියේ ඇගේ සමබරතාව බිඳී ගිය නිසාය. නොවැටී බේරෙන්න ඇය ගත් උත්සාහයත් සමගම සාරි පොටේ හංගාගෙන ගිය කෑම ටික අතින්ගි ලිහී ගියේ ඇය නොදැනුවත්මය. 

තේ මේසයෙන් ගත් කෑම ටික සීසීකඩ විසි වී, ඇයගේ තත්ත්වය මෙන්ම සාරියේ සායම ද සේදී ගියේ උත්සවයේ සෙනග ඉදිරියේය.



අදහස් (4)

සාරි පොටේ කෑම හංගපු විධායක ලොක්කිට තරු පෙනිලා

himal Thursday, 06 April 2023 01:24 PM

තමන්ට කන්න දීපු කෑම වලින් මොනවා හරි ළමයින්ටනේ අරන් යන්න ඇත්තේ එහෙම නැතුව විකුණන්න නෙවෙයිනේ. ඇයි මේ වගේ අපහාසාත්මක විදිහට ලියන්නේ?මේවා ලියන මිනිස්සුන්ට දරුවො නැද්ද?

:       7       31

Pradeep KumaraThursday, 06 April 2023 09:36 PM

ළමයින් ඉන්නවා කියලා හොරෙන් ගෙනියන එක වැරැදියි නේද? ළමයින්ට ටිකක් ගෙනියන්න දෙන්න කියලා කිව්වා නම් කිසිම කෙනෙක් නොදී ඉන්න එකක් නෑ. ඒ වගේම මේ වගේ ලැජ්ජාවක් වෙන්නෙත් නෑ.

:       8       6

himalMonday, 10 April 2023 08:47 AM

මෙයා කෑම මේසෙට එන්නේ නැතුව තියෙන ඒවා හොරෙන් අරගෙන ගියානම් හොරකම... මෙයා ඇවිල්ලා තමන්ට කන්න දීපු ඒවා ඔතාගෙන ගියා කියලා ඇති වැ‍රැද්ද මොකක්ද?

:       1       8

kahawita Friday, 07 April 2023 01:52 AM

අම්මලා සාමාන්‍යයෙන් මගුල් ගෙදරක ගියත් දෙන කේක් කෑල්ල කන්නේ නෑ. ගෙදර ගේනවා ළමයින්ට දෙන්න. මේකත් ඒහෙම වෙන්න ඇති. පවු.

:       4       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17794 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site