(හසලක වාර්තාකරු)
මත් වතුර පානයකොට රාත්‍රී කාලයේ නිවස කරා පා ගමනින් යන අතරේ ගම්වැසියන්ට කරදරයක් වන ලෙස අසැබි වදන් කියමින් යන අයකුට මතක හිටින තාලයේ පාඩමක් ඉගැන් වූ තරුණයන් දෙදෙනකු පිළිබඳ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
හතළිස් අට වියේ පසු වූ ඔහු පෙදරේරුවෙකි. සිය රැකියාව නිමා කර රාත්‍රී කාලයේ (9 ට 10 ට පමණ) නිවස කරා යන ගමනේදී හසලක නගරයේදී මත් වතුර බිඳක් පානය කිරීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දකි. නගරයේ සිට ගමේ කඩමණ්ඩිය දක්වා හිතවතකු හෝ දෙතුන් දෙනකු සමඟ පැමිණෙන අතර එතැන් පටන් ඔහු ගමන් කරන්නේ තනිවම පා ගමනිනි. කඩ මණ්ඩියේ සිට නිවසට යෑමට ඇත්තේ කිලෝ මීටරයක් පමණ දුරකි.
මේ ගමන් මාර්ගයේ දෙපස නිවැසියන් පදිංචි නිවාස මෙන්ම ගමේ පන්සලද තිබේ. කඩමණ්ඩිය පසු කර මීටර් දෙසීයක් පමණ දුර නිහඬව ගමන් කරන මොහු එතැන් පටන් අසැබි වදන් පටන් ගනී. අසැබි වදන් කියමින් පරුෂ වචනයෙන් බැණ වදිමින් කෑ කෝ ගසමින් මොහු යන මේ ගමනේදී බල්ලෙක් බිරුවත් එම සතාට ද පා පැටලුණත් එයට ද අසැබි වදනින් බැණ වැදීම මොහුගේ සිරිතයි.
මෙම කරදරයට තිත තැබීමට ගමේ තරුණයන් දෙන්නකු උපායක් කල්පනා කර එය ඉතා රහසිගතව ක්‍රියාත්මක කළහ. එදිනද පෙර පරිදි ඔහු රාත්‍රියේ කෑ කෝ ගසමින් පා ගමනින් එන අතරේ කැලෑ කුට්ටියක් අසලදී ඇඳුම් නැතිව ඉදිරියෙන් පැමිණි තරුණයකු ඔහුගේ ගමන් මඟට වැලි කැට වර්ෂාවක් පතිත කළේය. ඒ සමඟම තරුණයා වේගයෙන් දිව විත් ඔහුගේ ගැටුණි. අනේකා පිටුපසින් පැමිණ වැරෙන් පාර කීපයක් එල්ල කළේය. ඒ සමඟ ඔවුන් දෙදෙනා යටි ගිරියෙන් හූ හඬ කීපයක් තැබීය.
එම සිද්ධියෙන් දැඩි බියට සහ කම්පනයට පත් ඔහු කෑ ගසමින් අසල්වැසියන්ගේ ආධාර ඉල්ලා සිටි නිසා අසල්වැසි කීප දෙනකු වහා දිව විත් දැඩි බියකින් වෙව්ලමින් සිටි ගැමියාට කතා කර සිද්ධිය විමසා ප්‍රකෘති සිහිය ගෙන ජලය වීදුරුවක් පොවා ඔහුගේ නිවස කරා රැගෙන ගියහ.
එදින රැය පුරා විවිධ දේ කියමින් දොඩවමින් පසු වූ ඔහු පසු දින පෙරවරුවේ දැඩි උණ රෝගයෙන් පෙලුණි. එයට කට්ටඬියකු රැගෙනවිත් පිරිත් නූලක් ගැට ගසා තෙල් සාත්තු කිරීමෙන් පසු උණ රෝගය සහ දෙඩවීම නතර විය.
රෝගියා බැලීමට පැමිණි ඥාතින්ට ඔහු පැවසුවේ අසවල් තැනදි තමන්ට යකෙකු පහරදුන් බවකි.
එදිනෙන් පසු ගැමියන්ට තිබූ කරදරය නිමාවට පත් වූ අතර ඔහුගේ මත්වතුර බීමද, රාත්‍රී කාලයේ ගමන් කිරීමද නැවතුණු බව වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සූර්වී පරුෂ වචන කියන පෙදරේරුවාට යකාගේ පාඩමක්
beau Saturday, 20 March 2021 10:41 AM
මිනිහා පරුෂ වචන කියමින් යන්නේ තනිවම කලුවරේ පාරේ යන්න තියෙන බයට. එහෙම කෙනෙකුට මේ වගේ දෙයක් කිරීම වැරැදියි. මෙහෙම බය කරලා මිනිහා ශොක් එක නිසා මැරුණා නම් ඔය තරුණයන් දෙන්නා ඊට වගකියනවද? මැරුණු කෙනාගේ පවුල නඩත්තු කරනවද?