IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සුරලොව යන්න ගිහින් අන්තිමේ රෝහල් ගතවෙලා

දුම්වැටියක් ලෙස සකස් කර පානය කිරීමෙන් සුරලොව යා හැකි බව පවසා මිතුරකු විසින් ලබා දුන් මත්වන කුඩු වර්ගයක් දුම්වැටියක් ලෙස සකසා පානය කළ පුද්ගලයකු නිවසේ බඩුමුට්ටු පොළවේ ගසමින් යකා නැටූ බව කියවෙන පුවතක් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

මතට ලොල් වූ මිතුරු පිරිසක් සිටින ගම්බද ප්‍රදේශයක පුද්ගලයෙකි. මිතුරන් මෙන්ම ඔහුද මතට තදින් ලොල් වූවෙකි. පසුගිය දිනෙක ඔහුගේ මිතුරෙකු අමුතු තාලේ කුඩු වර්ගයක් ඔහු අත තැබුවේ එය මත්වන කුඩු වර්ගයක් ලෙස හඳුන්වා දෙමිනි. “මේව ටිකක් අරන් සිගරට් එකක් වගේ හදල බීපන්. දිව්‍ය ලෝකේ ගියා වාගෙයි” මිතුරා වැඩිදුරටත් කියාගෙන ගියේය. රටක් රාජ්‍යයක් පහළ වූවාක් මෙන් කුඩු මුල අතට ගත් හෙතෙම එසැනින්ම ගෙදර බලා පිය නැගුවේ “අද හොඳ ආතල් එකක් ගන්න පුළුවන්” යැයි සිය මිතුරාට ද මුව නොසෑහෙන සේ ස්තුති කරමිනි.

නිවෙසට ගිය හෙතෙම මිතුරාගේ උපදෙස් අකුරට පිළිපදිමින් සකස් කළ දුම්වැටියෙන් උගුරු හත අටක් බිව්වේය. ඔහුට මතක තිබුණේ එපමණකි. අඩු වියදමින් සුරලොව යන්නට තැත් කළ ඔහුට රෝහලක ඇඳක් උරුම වී තිබිණි. දුම්වැටිය ඉරීමෙන් පසුව නිවසේ තිබූ බඩුමුට්ටු සියල්ලක් පොඩි කරමින් යකා නටන්නට පටන් ගැනීම නිසා බැරිම තැන ඔහුගේ බිරිය හා දරුවන් එක්ව ඔහු රෝහලකට රැගෙන විත් ප්‍රතිකාර ලබා දුන් බව පසුව ඔහුට දැනගන්නට ලැබිණි.

(වියලුව වාර්තාකරු) 



අදහස් (0)

සුරලොව යන්න ගිහින් අන්තිමේ රෝහල් ගතවෙලා

යෝනක Thursday, 26 January 2017 04:00 PM

මට හිතෙන්නේ පදම වැඩිවෙන්න ඇති (නි)

:       0       0

ජනහිත Friday, 27 January 2017 02:14 AM

ගිහින් තියෙන්නේ හරි මාර්ගයේ නොවෙයි. ගෙදර නිසා හොඳයි. පිට තැනක නම් එයාට දිව්‍ය ලෝකේ කෙසේවෙතත් අනික් ලෝකෙට යන්න තිබුනා. (නි)

:       0       0

සරත් Friday, 27 January 2017 02:54 AM

කියමනක් තියෙනවා මෝඩකමට බෙහෙත් නැත කියා. එහෙම අය‍ට රෝහලේ බෙහෙත් ඇත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site