අම්බලන්තොට ප්‍රදේශයේ ගොවි ජනපදයකි. මවුපියන් හා දරුවන් දෙදෙනෙකි. ස්වාමිපුරුෂයා 36 හැවිරිදිය. බිරිඳ 32 වැනි වියේය. දරුවෝ අවුරුදු 8 හැවිරිදි සහ 5 වැනි වියේ පසුවෙති.

ගොවිතැන් බත් කරමින් ජීවත් වන මෙ පවුලේ නිවස  කාමර දෙකකි. එක් කාමරයක නිවසේ බඩු මුට්ටුය. අනෙක් කාමරයේ පවුලේ සියලු දෙනා නිදා ගත්තේ ඇඳන් දෙකක් යා කරගෙන එකටය. 
එදින  දහවල් කුඹුරේ වැඩකර මහන්සිවී නිවසට පැමිණි ස්වාමිපුරුෂයා රාත්‍රි ආහාර ගෙන කුඩා දරුවන් දෙදෙනා සමග කලින්ම නින්දට ගියේය. නිවසේ සියලු වැඩකටයුතු අවසන් කළ බිරිඳ නින්දට ගියේ ඉන් අනතුරුවය. 
දැන් වේලාව මධ්‍යම රාත්‍රියත් පසුවෙලාය. පවුලේ කවුරුත් තද නින්දේය. එහෙත් බිරිඳගේ ඇඟ ස්පර්ෂ  කරනු ඇයට දැනි අවදි වූවාය. ඇය සිතුවේ තම ස්වාමියා පුරුෂයා වෙන්න ඇති කියාය. 
ඈ මනුස්සයෝ නින්දට ගියේ සරම ඇඳගෙන. මොකද මේ දැන් කලිසමක් ඇඳගෙනැයි බිරිඳට ඉබේටම කියැවිණි. බිරිඳ එසේ කීවේ දිග කලිසම්කාරයකුගේ සේයාවක් අඩ අඳුරේම දුටු  බැවිනි.
 
මේ හඬට ස්වාමි පුරුෂයා අවදිවිය. 
ඒ සමගම කලිසම්කරයා පැන දිව්වේය. 
ඒ කාන්තාවන් සිටින නිවෙස්වලට රෑට රෑට එබිකම් කරන්නා බව පසුව දැන ගන්නට ලැබුණි. 
(අම්බලන්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර) 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සරම හැඳ නිදාගත් සැමියා ළඟ මහ රෑ කලිසම්කාරයෙක්
Dilan Saturday, 19 October 2019 12:21 PM
කලිසම්කාරයා සුදු කලිසමක් ඇඳලා ගෙවිච්ච සෙරෙප්පු දෙකක් දාලද හිටියේ? සතුටින් ඉන්නවාද කියලා බලන්න ආවද දන්නෑ...
gamarala Monday, 21 October 2019 07:09 AM
අපරාදේ කලිසම ගලවා ගත්තා නම් කවුද කියලා අඳුනගන්න තිබුණා..
sampath Monday, 21 October 2019 12:39 PM
සතුටින් ඉන්නවද බලන්න අපු මනුස්සයට සංග්‍රහයක් නොකළ එකනම් වෙරදී