ගලහ ඩබ්ලිව්.ඒ. අසේල
 වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු  පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පිටත්වී  දෙදෙනාම පදමට මත්පැන් පානය කොට ගමට පැමිණ තම නිවස සොයා ගැනීමට නොහැකිව ගමේ බොහෝ ගෙවල්වලට ගොස් තට්ටු කොට ‘මේ අපේ ගෙදර ද?’ යනුවෙන් ඇසූ පුවතක් මහනුවරට ආසන්න ගමකින් වාර්තා වේ.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු  පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පිටත්වී  දෙදෙනාම පදමට මත්පැන් පානය කොට ගමට පැමිණ තම නිවස සොයා ගැනීමට නොහැකිව ගමේ බොහෝ ගෙවල්වලට ගොස් තට්ටු කොට ‘මේ අපේ ගෙදර ද?’ යනුවෙන් ඇසූ පුවතක් මහනුවරට ආසන්න ගමකින් වාර්තා වේ.
අවිවාහකයෙකු වන වයස අවුරුදු හැටකට පමණ ආසන්න වූ මෙම පුද්ගලයා දිනපතා බීමට ඇබ්බැහි වී සිටින අතර, තම නිවසින් බැහැරව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන එම වත්තේ කුඩා ගෙයක තනිව ජීවත්වන පුද්ගලයෙකි. වසර ගණනාවකින් තම සහෝදර සහෝදරියන් බැලීමට නිවසට පැමිණ නැති මොහු පසුගිය අලුත් අවුරුද්දට තවත් මිතුරෙකු සමග තම ගමට පැමිණ ඇත.  අතරමගදී මිත්‍රයා ද සමග හොඳට මත්පැන් පානය කොට තම ගමට යන අන්තිම රාත්‍රී බසයෙන් පැමිණ ගමට හැරෙන හන්දියේ දී බසයෙන් බැස ඇත. 
වසර ගණනාවකින් පැමිණි නිසා රාත්‍රියේ පාරවල් සොයා ගැනීමට මොහුට සෑහෙන අපහසු වී ඇත. එදා පඩිපෙළින් නිවසට යන පාරවල් අද වන විට කොන්‍ක්‍රීට් දමා වෙනස් කොට ඇති අතර සමහර පාරවල් කාපට් යොදා ඇති නිසා මොහුට උතුර දකුණ මාරුවී ඇත. නිවාස කිහිපයකට ගොස් තට්ටු කොට දොර අරින විට ‘මේ මාගේ ගෙදරද’ අසා ඇත. කිහිප දෙනෙකු මොහු හඳුනාගෙන ඇති අතර ඔහුගේ නිවසට තව බොහෝ දුර යායුතු බව පවසා ඇත. එසේ ගම පුරා මිත්‍රයා ද සමග ඇවිද නිවස සොයා ගැනීමට නොහැකිවී ඇති අතර, පාර අයිනේ කඩපිලකට වී ගිමන් හරින ගමන් දෙදෙනාටම නින්ද ගොස් ඇත. උදෑසන එළිය වැටෙනවාත් සමග ඇහැරී ඇති අතර තමන්ට රාත්‍රී සිදුවූ සිද්ධියට මිතුරාට ද තරහ නොවන ලෙස අමතා උදෑසන තවත් බොහෝ දුරක් ඇවිද නිවසට පැමිණ ඇත. 
කිසිවෙකුටත් කරදරයක් නොමැතිව ජීවත්වන අහිංසක පුද්ගලයෙකු වන මොහු පෙරදින රාත්‍රියේ වූ සිද්ධිය ඥාතීන්ට හා අසල්වැසියන්ට සිනාසිසී පවසා මත්පැන් බොමින් සතුටින් අවුරුද්ද සමරා ඇත. 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා