IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සූර්පිට ගෙදර යන්න ඇවිත් පිට පළාතක බසයක නැඟලා

නිල ඇඳුම සහිත රාජකාරියක යෙදෙන දෙදෙනෙක් සවස සේවා විවේකය අතරතුර හමුවූහ.

රජරට ප‍්‍රධාන නගරයේ මූලස්ථානයක් අසල රාජකාරි කරන මේ දෙදෙනා සේවා විවේකයෙන් පසු නිවෙස් බලා යාමට පෙර මධුවිතෙන් සප්පායම් වීමට කතිකාවේ යෙදුණි. මේ හිතවතුන් දෙදෙනා අවන්හලකට ගොස් මධුවිතෙන් හොඳ හැටි සප්පායම් වූ අතර එක් අයකුට පදම වැඩි වී තිබිණි. තම හිතවතාට තරමක් වැඩි වෙරිමතක් තිබෙන බව අවබෝධ කරගත් අනෙක් තැනැත්තා ඔහුට නිවෙස බලා යාමට පහසුවන අයුරින් බස් නැවතුම කරා තම යතුරු පැදියෙන් ඇරලවීමට කටයුතු කළේය.

තම හිතවතා මගී බස් නැවතුමට ඇරල වූ අනෙකා යතුරු පැදියෙන් ගෙදර යන්නට ගියේය. බස් නැවතුමේ සිටි අනෙක් තැනැත්තා මද වේලාවකට පසු බස් රියට ගොඩනැගුනේ නිවෙස බලා යාමේ අටියෙනි. වෙරි මත වැඩිකමට ඔහුට බස්රිය අසුනේම නින්ද ගියේය. සැතපුම් පහක් පමණ දුර ගිය පසු ඔහුට ඇහැ ඇරිණි.

ඒ අතර වටපිටාව විපරම් කරමින් බලද්දී ඔහුට අමුත්තක් දැනිණ. මෙය තම නිවෙස පැත්තට යන බස් රිය නොවන බව ඔහුට තේරුම් ගියේය. බස් රියේ සීනුව නාදකර එය නැවැත් වූ පස ඉන් බැසගත් ඔහු තම ආයතනයට සම්බන්ධ ඒ ප‍්‍රදේශයේ සේවා ස්ථානයට ගොඩ විය. තමන්ට වූ ඇබැද්දිය කියූ පසු එම ස්ථානයේ අධිපතිගේ නියමය අනුව මේ හිතවතා වෙනත් කෙටි මගක් හරහා නියමිත බස්රියට ගොඩ නැංවීය. ඔහු නිවෙසට යන විට බොහෝ රෑ බෝවී තිබුණි.

පමාවට හේතුව බිරිඳ ඔහුගෙන් විමසුවාය. තමන්ට වූ ඇබැද්දිය ඔහු බිරියට කීවේය. මෙම සිද්ධියෙන් පසු තම ස්වාමිපුරුෂයා නිවෙසට එන බව දුරකථනයෙන් බිරියට දන්වන අවස්ථාවලදී ”අද නැග්ගේ හරි බස් එකට දැයි” අසනවාලූ.



අදහස් (0)

සූර්පිට ගෙදර යන්න ඇවිත් පිට පළාතක බසයක නැඟලා

පිටබැද්දර ජයා Wednesday, 10 February 2016 05:18 AM

මෙන්න අදහන්න ඕන කාන්තාවෝ ජය වේවා කිව !(ම)

:       0       0

බණ්ඩාර රුසියාව Wednesday, 10 February 2016 05:24 PM

කියන්නත් ලැජ්ජයි. ඒත් කියන්නම්. කවුරුහරි පාඩමක් ඉගෙනගනිවී. මම කොල්ලා කාලේ හොටෙල් රෙස්ටුරන්ට් කිහිපයකින් හොඳටම බීලා ගෙදර ආවා. අන්තිමට බීපු තැනවත් මතක නැහැ. ගෙදර ආ විදිහවත් දන්නේ නැහැ. පහුවදා හැමතැනටම කෝල් කරලා මිතුරන්ගේ මාර්ගයෙන් මගේ කාර් එක හොයාගත්තේ. හැබැයි ඊටපස්සේ කවදාවත් එවැනි දෙයක් වුණේ නැහැ (නි)

:       0       0

ගයාන් Wednesday, 10 February 2016 11:25 AM

පුඤ්ඤසෝම මහත්තයෙක් වගේ පේන විදිහට. (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 10 February 2016 10:31 PM

මගේ නමින් වෙන කෙනෙක් අදහස් දාලා (නි)

:       0       0

අජිත් Wednesday, 10 February 2016 01:33 PM

ඇත්තටම හොද බිරිදක්. තමන්ගේ මනුස්සය ගැන හොයාබලන ගුණයහපත් කාන්තාවක්. (බ)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 11 February 2016 02:35 AM

සමහර අයට ඔය මධුවිත වැඩිවුණාම ඉන්න තැන, යන තැන, ගෙදර අඹුදරුවෝ සේරම අමතක වෙනවා. (නි)

:       0       0

ධම්මි Wednesday, 10 February 2016 01:47 PM

නොවැරදීම පොලිස්කාරයො දෙන්නෙක් වෙන්න ඇති (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 867 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site