ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කර සිටි පුද්ගලයකු කෑම කමින් සිටියදී ඔහුගේ කෑම පිඟානෙන් නිවසේ සිටි බළලෙකු කෑම කෑ පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ඒ අනුව සිද්ධිය මෙසේය.

සැමියා හා බිරිඳ පමණක් පදිංචිව සිටින එම නිවසේ දරුවන් විවාහ වී පිට පළාත්වලට පදිංචියට ගොස් ඇත.
අප කතා නායකයා කලක සිට මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති අතර සෑම දිනකම දහවල් මොනයම් හෝ මත්පැන් වර්ගයක් පානය කර කෑම කෑම පුරුද්දක් කරගෙන ඇත.
මොහු එදිනත් මත්පැන් පානය කර තම නිවසට පැමිණ ඇත්තේ දහවල් 1.00 පමණය. එදින කෑමට බත් සහ කුකුල් මස් ව්‍යංජනයක් සමග තිබ්බටු මැල්ලුමක් සකසා පිඟානට බෙදා කෑම පිඟානත් සමග වතුර කොප්පයක් මේසය මත තැබූ ඔහුගේ බිරිඳ කෑම කන්න යැයි සැමියාට කියමින් එතැනින් නික්ම ගොස් ඇත.
ටික වේලාවකින් ආපසු පැමිණ බැලූ ඇයට දැකගත හැකිවී ඇත්තේ සැමියා පිඟානේ එක් පැත්තකින් කෑම කන විට පූසා අනෙක් පැත්තේ මස් කෑල්ල කන බවය.
දුටු දසුනින් ඉහවහ ගිය කේන්තියකින් බළලාට චිප් චිප් යැයි කෑ ගසන ගමන් සැමියාට බනින්නට වූයේ තමුසෙට පේන්නෙ නැද්ද පූසා පිඟාන අනික් පැත්තෙන් කෑම කනවා යැයි කියමිනි.
බිරිඳගේ බැන අඬගැසීම කනකට නොගත් සැමියා ඉතිං මොකද ඌත් කන්න එපායැ. මං අද ලන්ච් එක ගත්තෙ ඌත් එක්ක යැයි පවසා බිරිඳගේ කෑගැසිල්ලට බියේ ආපසු හැරී යන්නට ගිය පූසා අතින් අල්ලා නැවතත් පිඟාන ළඟින් තියාගෙන ඇත.
සැමියාගේ එම ක්‍රියාවෙන් අසීමිත කෝපයට පත් බිරිඳ ඔහොම ගියොත් පූසා තමුසෙගෙ ඔලුවත් කඩාගෙනයි නවතින්නේ කියමින් කෝපයෙන් එතනින් නික්ම ගොස් ඇත.
(බමුණකොටුව එම්.එම්.එන්. හේරත්)
2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
සූර්පිට ගෙදර ඇවිත් පූසත් එක්ක එකම පිඟානේ ‘ලන්ච් එක’ අරගෙන